ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් පොලිස්පති සී.ඩී වික්‍රමරත්නට සිව්වන වතාවටත් සේවා දිගුවක් ලබා දී ඇතැයි පලවන වාර්තා මුළුමනින්ම අසත්‍ය
බව ජනාධිපති කාර්යාලයේ ඉහලම නිලධාරියකු පැවසිය.
එම නිලධාරියා එබව කියා සිටියේ, පොලිස්පති සී.ඩී වික්‍රමරත්න ට ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් තවත් සේවා දිගුවක් ලබා දී ඇතැයි පලවන වාර්තා සම්බන්ධයෙන් අප කළ විමසීමක දීය.
ජනාධිපතිවරයා විසින් මෙතෙක් ඒ සම්බන්ධයෙන් පියවර ගෙන නැතැයි ද එම නිලධාරියා වැඩිදුරටත් කියා සිටියේය.
පොලිස්පති සී.ඩී වික්‍රමරත්න ට මීට පෙර මාස තුන බැගින් දෙවතාවක් ද සති තුනක සේවා දිගුවක් ද ජනාධිපතිවරයා විසින් ලබා දී තිබුණි.
ඊයේ දිනයෙන් (02) එම සති තුනක සේවා දිගුවේ කාලය ද අවසන් විය.
ඔහුට අවසන් වරට ලබා දුන් සති තුනක සේවා දිගුව සම්බන්ධයෙන්, ව්‍යවස්ථාමය කරුනු මත මතභේදාත්මක තත්වයක් ද මතු විය.