ඉන්දියාවේ නවදිල්ලිහි රෝහිණී නගරයේ පැවැත්වෙන ‘‘ එක්සත් ලෝක විවාහක රූ රැජින-2023’’ (Mrs unity world-2023) තරගාවලිය සඳහා ශ්‍රී
ලංකාව නියෝජනය කිරීමේ අවස්ථාව චාමිකා විතානවසම් හිමිකරගෙන ඇත.
මෙහි අවසන් තරගය 6 වැනිදා රෝහිණී නගරයේ ක්‍රවුන් ප්ලාසාහිදී පැවැත්වේ.
තරාවලිය සඳහා චාමිකා පෙරේදා (නොවැ: 02) ඉන්දියාව බලා පිටත්ව ගියාය.
මෙහිදී ඇයගේ ජාතික අධ්‍යක්ෂ ලෙස ඉන්දීය ජාතික අමිත් කුමාර් කටයුතු කරයි.
මෙවර ‘‘එක්සත් ලෝක විවාහක රූ රැජින ’’තරගාවලිය සඳහා රටවල් රැසක විවාහක රූ රැජිනියෝ’’ විශාල සංඛ්‍යාවක් තරග වදිති.
රසාංගි චාමිකා විතානවසම් 2022 වසරේ මියන්මාරයේ පැවති ‘‘මිසිස් ග්‍රෑන්ඩ් ඉන්ටර්නැෂනල්’ තරගාවලිය නියෝජනය කළ අතර එහිදී මාධ්‍ය හමුවක් කැඳවමින් ඇය විසින් කරනු ලැබූ ප්‍රකාශයක් ජාත්‍යන්තර වශයෙන් ආන්දෝලනයට ලක්විය. ඇය පැවසුවේ මිසිස් ග්‍රෑන්ඩ් ඉන්ටර්නැෂනල් 2022 ජාතික සංවිධායකවරයා තමන්ගේ මුදල් වංචා කළ බවත් එම කිරුළ ලබා ගැනීම දක්වා යාමට නම් ලිංගික අල්ලස් ඉල්ලා සිටි බවත්ය.