ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) ශ්‍රී ලංකා ක්‍රිකට් සාමාජිකත්වය අත්හිටුවීම සම්බන්ධයෙන් තීරණ ගැනීමට විදේශ අමාත්‍ය අලි සබ්රි ගේ
ප්‍රධානත්වයෙන් යුත් අමාත්‍ය අනුකමිටුවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් බලය පවරා ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
මීට අමතරව, ඉදිරියේදී ක්‍රිකට් අතුරු කමිටුවක් පත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබිය යුතු බවට අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කර සිටියි.
ක්‍රිකට් සම්බන්ධයෙන් පත්කළ කැබිනට් අනු කමිටුව විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා ව ඊයේ (13) දහවල් ජනාධිපති කාර්යාලයට කැඳවා තිබිණ.
පාර්ලිමේන්තු පනතක් හරහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙනුවෙන් නව ව්‍යවස්ථාවක් හඳුන්වා දීමට විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ.ටී. චිත්‍රසිරිගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක් විසින් ලබාදී ඇති වාර්තාව සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ජා කර තිබේ.
මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් සියලුදෙනා අද දිනයේ පාර්ලිමේන්තු කෝප් කමිටුවට කැඳවා ඇත.
ජනාධිපති මාධ්‍ය අංශයේ නිවේදනය වහාම නිවැරදියි කළ යුතුයි - ක්‍රීඩා ඇමති කියයි
මේ අතර ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ, ශ්‍රී ලංකා ක්‍රිකට් සිද්ධිය සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනය නිවරැදි නොවන බවයි.
මින් ඉදිරියට අතුරු කමිටු පත්කරන්නේ නම් ඒ සඳහා කැබිනට් අනුමැතිය ලබාගත යුතු බවට කැබිනට් මණ්ඩලය තීරණය කළ බව ජනාධිපති මාධ්‍ය අංශය එලෙස නිවේදනය කර තිබුණි.
එමෙන්ම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මගින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සාමාජිකත්වය අත්හිටුවීමේ සිද්ධිය සම්බන්ධයෙන් අවශ්‍ය තීරණ ගැනීමේ බලය විදේශ අමාත්‍ය අලි සබ්රි ගේ ප්‍රධානත්වයෙන් පත්කළ අමාත්‍ය මණ්ඩල අනු කමිටුවට ලබාදී තිබෙන බවද නිවේදනය කළේය.
ඊට ප්‍රතිචාර දක්වමින් ක්‍රීඩා අමාත්‍යවරයා සිය අමාත්‍යාංශ ලිපි ශීර්ෂය යටතේ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ එවැනි කිසිදු කැබිනට් නියෝගයක් හෝ සාකච්ඡාවක් නොතිබූ බැවින් ජනාධිපති මාධ්‍ය අංශයේ නිවේදනය නිවරැදි කළ යුතු බවය.