ක්‍රිකට් අතුරු පාලක කමිටුවට එරෙහි පෙත්සම සලකා බැලීම සඳහා ඩී.එන්. සමරකෝන් සහ නීල් ඉද්දවෙල යන නව අභියාචනාධිකරණ විනිසුරු
මඩුල්ල නම් කර තිබේ.
එම විනිසුරු මඩුල්ල ඉදිරියේ අදාළ පෙත්සම ලබන 16 වනදා කැඳවීමට නියමිතය.
ක්‍රිකට් අතුරු පාලක කමිටුවට එරෙහි පෙත්සම සලකා බැලු විනිසුරන් සම්බන්ධයෙන් ක්‍රීඩා ඇමතිවරයා සහ විපක්ෂනායකවරයා පසුගියදා පාර්ලිමේන්තුවේදී සිදුකළ ප්‍රකාශයන් සලක බලා මෙම තීරණය දෙන ඇතැයි පැවසේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලියාපදිංචිය අත්හිටුවමින් එහි කටයුතු මෙහෙය වීම සඳහා ක්‍රීඩා අමාත්‍යවරයා විසින් පත් කරනු ලැබූ අතුරු පාලක කමිටුව සහ ඊට අදාළ ගැසට් නිවේදනය ක්‍රියාත්මක වීම වළක්වාලමින් අභියාචනාධිකරණය අතුරු තහනම් නියෝග නිකුත් කරනු ලැබුවේ නොවැම්බර් 7 දා ය.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු සභාපති ෂම්මි සිල්වා ඉදිරිපත් කළ රිට් පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ විකුම් කළුආරච්චි යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝග නිකුත් කරනු ලැබීය.
මෙම අතුරු තහනම් නියෝග දින 14 ක කාලයකට බලපැවැත්වෙයි.