2023 පස්වැනි ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල ඊයේ (16) රාත්‍රියේ නිකුත් කෙරිණ.
විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ප්‍රතිඵල www.doenets.lk හා www.results.exams.gov.lk වෙබ් අඩවි වෙත පිවිසීමෙන් ලබා ගත හැකි බවයි.
යළිත් එම වෙබ් අඩවි
www.doenets.lk
www.results.exams.gov.lk
විභාග අයදුම්කරුවන්ගේ නිවැරදි විභාග අංකය ඇතුලත් කිරීමෙන් ප්‍රතිඵල නිරීක්ෂණය කළ හැකි අතර අදාළ විභාග ප්‍රතිඵල සටහන බාගත කර මුද්‍රිත පිටපතක් ලබාගැනීමට ද මෙවර පහසුකම් සලසාදී තිබේ.
මෙවර ශිෂ්‍යත්ව විභාගයේ කඩඉම් ලකුණු ද අධ්‍යාපන අමාත්‍යංශය නිළ වශයෙන් නිකුත් කර ඇත.
ඒ අනුව සිංහල මාධ්‍යයෙන් කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, මාතලේ, ගාල්ල,මාතර, කුරුණෑගල හා කෑගල්ල දිස්ත්‍රික්කවල කඩයිම් ලකුණු සංඛ්‍යාව 154 කි.
හම්බන්තොට හා රත්නපුර දිස්ත්‍රික්කවල ශිෂ්‍යත්ව සිංහල මාධ්‍ය කඩඉම් ලකුණු සංඛ්‍යාව දැක්වෙන්නේ 150 ක් ලෙසයි.
පොළොන්නරුව බදුල්ල හා මොනරාගල දිස්ත්‍රික්කවල කඩඉම් ලකුණු සංඛ්‍යාව 149 කි.
අම්පාර හා පුත්තලම දිස්ත්‍රික්කවල ශිෂ්‍යත්ව විභාගයේ සිංහල මාධ්‍ය කඩයිම් ලකුණු සංඛ්‍යාව දැක්වෙන්නේ 148 ක් ලෙසයි.
ත්‍රිකුණාමලය හා නුවරඑළිය දිස්ත්‍රික්වල කඩයිම් ලකුණු සංඛ්‍යාව 146 කි.
මන්නාරම, වව්නියාව හා මුලතිව් දිස්ත්‍රික්කවල ශිෂ්‍යත්ව විභාගයේ සිංහල මාධ්‍ය කඩයිම් ලකුණු සංඛ්‍යාව 145 ක් බව විභාග දෙපාර්තමේන්තුව පැවසී ය.
දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ලබන 27 වැනිදා සිට දෙසැම්බර් 4 වැනිදා දක්වා ශිෂ්‍යත්ව ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා අයදුම්පත් මාර්ගගත ක්‍රමය මගින් යොමු කළ හැකි බවයි.
මෙවර ශිෂ්‍යත්ව විභාගය ඔක්තොම්බර් 15 වනදා පැවැත්විණ.
විභාගය සඳහා සිසුන් 332,949 දෙනෙකු පෙනී සිටි අතර ඉන් සමත් සංඛ්‍යාව 50,664 කි.
මෙවර විභාගයේ පළමු ප්‍රශ්ණ පත්‍රයේ ඇතැම් ප්‍රශ්ණ ගැටළු සහගත බවට රට තුළ දැඩි ආන්දෝලනයක් ද ඇති විය.