පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මේ සභාවට එන්නේ නවකතා පොත් හා පත්තර කියවීමට,

දුරකතන සංවාදවල යෙදීමට නොවේ යැයි අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ  පාර්ලිමේන්තුවේදී අද (22) පැවසීය.

පාර්ලිමේන්තු රීතිය අනුගමනය නොකරන පිරිස් දෙපැත්තේම සිටින බව පැවසූ අමාත්‍යවරයා, පාර්ලිමේන්තුව තුළ අවම ශික්ෂණය පවත්වාගෙන යෑමට මන්ත්‍රීවරුන්ට වගකීමක් තිබෙන බවද සඳහන් කළේය.

ජනතාවගේ ප්‍රශ්න විසඳන්න පැමිණි බව කියමින් සමහරුන් උදේට මැතිසබයේ කරන්නේ කුමක් දැයි තමාට  ප්‍රහේලිකාවක් බවද  ඔහු සඳහන් කළේය. 

 
මැති සබේ කලබල කළ රාජ්‍ය ඇමති සති දෙකක් ගෙදර

ජලසම්පාදන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත ගේ පාර්ලිමේන්තු සේවය සති දෙකකට අත් හිටුවන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන නිවේදනය කළේය.

පාර්ලිමේන්තුවේ ඊයේ සිදු වූ විනය විරෝධී තත්ත්වය හෙළා දකින බවද කතානායකවරයා නිවේදනය කළේය.

සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තුවේ දී  27/2 ප්‍රශ්නය ඉදිරිපත් කරන අවස්ථාවේ දී එම ලිපි ගොනුව උදුරා ගැනීම සම්බන්ධයෙන් සනත් නිශාන්ත ට චෝදනා එල්ල විය.

 

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image