පාබල හමුදාවේ බ්‍රිගේඩියර් චන්දන රණවීර, වහාම මේජර් ජනරාල් තනතුරට උසස් කිරීමට

ජනාධිපතිවරයාට නිර්දේශ කරන ලෙසට නියෝග කරමින් අභියාචනාධිකරණය හමුදාපතිවරයාට අතුරු නියෝගයක් නිකුත් කළේය.

ඊට අමතරව ඔහුට හිමිවිය යුතු හිඟ දීමනා සහ වැටුප් වර්ධක ලබා දෙන්න ලෙසට අධිකරණයෙන් නියෝග කෙරිණි.

අභියාචනාධිකරණය මෙසේ නියෝග කළේ බ්‍රිගේඩියර් චන්දන රණවීර විසින් ගොනු කොට තිබූ රිට් පෙත්සමක් විභාගයට ගැනීමට තීරණය කිරීමෙන් අනතුරුවය.

මෙම රිට් පෙත්සම අභියාචනාධිකරණ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ චමත් මොරායස් යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලිණි.

මෙම රීට් පෙත්සමේ වග උත්තරකරුවන් හැටියට ශ්‍රී ලංකා යුද හමුදාපතිවරයා ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටිති.

බ්‍රිගේඩියර් චන්දන රණවීර වෙනුවෙන් පෙත්සම ගොනුකරමින් අධිකරණය හමුවේ කරුණු දැක්වූ ජ්‍යෙෂ්ඨ නීතිඥ නාමල් රාජපක්ෂ, නඩු තීන්දුවෙන් පසු මාධ්‍ය හමුවේ මෙසේ පැවසිය. 

 

  

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image