එළඹෙන මාස 03 කාලයක් සඳහා බලපැවැත්වෙන පරිදි වැඩ බලන පොලිස්පතිවරයෙක් පත් කිරීමට රජයේ අවධානය යොමුවී ඇති බවත්, ඒ

සම්බන්ධයෙන් ඊයේ (27) පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සාකච්ඡා කර ඇති බවත් 'නෙත් නිවුස්' (nethnews.lk) වාර්තාකර ඇත.

කෙසේ වෙතත් පුරප්පාඩු වු පොලිස්පති ධූරය සඳහා එලෙස වැඩබලන පොලිස්පති ලෙස පත්කරන්නේ කවුරුන්දැයි එම අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අවසන් තීරණයකට එළඹ නොමැති බවද එම පුවත් වාර්තාවේ සඳහන් වේ.

 පුරප්පාඩු වි ඇති පොලිස්පති ධූරයේ වැඩ බැලීම සඳහා බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ නම ජනාධිපතිවරයා විසින් ව්‍යවස්ථාදායක සභාවට වෙත ඊයේ දිනයේ යොමු කිරීමට නියමිතව තිබු බව මීට පෙර වාර්තා විය.

කෙසේවෙතත් ව්‍යවස්ථාදායක සභාව වෙත නමක් යොමු කිරීමට පෙර ඒ සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලය සමඟ සාකච්ඡා කිරීමට ජනාධිපතිවරයා පසුව තිරණය කර තිබු බවද දේශපාලන ආරංචි මාර්ග පැවසිය.

පොලිස්පති සී ඩී වික්‍රමරත්න එම ධූරයෙන් විශ්‍රාම ගෙන තිබුණේ පසුගිය 24 වනදායි. තමන් ධූරයෙන් විශ්‍රාම ගන්නා බවට පොලිස්පතිවරයා විසින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් සහ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට දැනුම්දී තිබිණ.

සී ඩී වික්‍රමරත්න පොලිස්පති ධූරයෙන් විශ්‍රාම යාමට නියමිතව තිබුණේ පසුගිය මාර්තු 25 වනදායි.

කෙසේවෙතත් අවස්ථා 04කදී ඔහුට සේවා දිගු ලබා දීමට ජනධිපතිවරයා විසින් කටයුතු කර තිබිණ.

ඒ අනුව  සී ඩී වික්‍රමරත්නගේ සේවා කාලය පසුගිය 24 වන දිනයෙන් අවසන් විය.

කෙසේ වෙතත් නිත්‍යානුකුලව පොලිස්පතිවරයෙකු පත්වන තෙක් පළාත් 09හි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු එම පළාත්වල රාජකාරී කටයුතු අධික්ෂණය කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව පැවසිය.

පොලිස්පතිවරයා විශ්‍රාම යාමට පෙර පළාත් 09 නියෝජනය කරන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට ඉදිරි සතියක කාලය තුළ සිදු කිරීමට නියමිත රාජකාරී සම්බන්ධයෙන් උපදෙස් ලබා දුන් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.

ඒ අනුව නව පොලිස්පතිවරයෙකු පත් කරන තෙක් අදාළ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් එම පළාත්වල රාජකාරි සිදු කරන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව වැඩිදුරටත් ප්‍රකාශ කළේය. 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්