පාස්කු ඉරුදින ප්‍රහාරයේදී රාජකාරිය පැහැර හැරි නිලධාරීන් කිසිවකුට හෝ රැකවරණය සැලසීම වැරදි යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

පාර්ලිමේන්තුවේදී අද (30) පැවසීය.

එලෙස රාජකාරි පැහැර හැරි නිලධාරීන්ට තම රජයක් යටතේ කිසිම සමාවක් නොලැබෙන බවද ඔහු සඳහන් කළේය.

විපක්ෂනායකවරයා මෙසේ පැවසුවේ අද (30) දින පාර්ලිමේන්තු කටයුතු ආරම්භයේදී විශේෂ ප්‍රකාශයක් කරමිනි.

''යුක්තිය සොයන අරගලය අවසන් නැහැ''

පාස්කු වින්දිතයන්ට යුක්තිය ඉටු වන තුරු යුක්තිය සොයන අරගලය අවසන් නොමැති බව විපක්ෂ නායකවරයා එහිදී අවධාරණය කර සිටියේය.

පාස්කු ප්‍රහාරය ගැන විවාද ගණනාවක් සිදු කළත් ඒ විවදවලින් කිසිදු දෙයක් නොවූ බවත්, ජනාධිපතිවරයා කමිටුවක් පත් කළ බව පැවසුවත් තව තේරීම් කාරක සභාවක් පත් කරන බවට කිව්වත් කිසිදු දෙයක් නොවූ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එහි දී විපක්ෂය විසින් 9/11 කොමිසමට සමාන කොමිසමක් විපක්ෂයේ සභාපතිත්වයෙන් පත් කළ යුතු බවට යෝජනා කළත් ඒ කිසිවක් සිදු නොවූ බවත්, ගෝඨාභය රාජපක්ෂ පවා බලයට ආවේ මහ මොළකරු හොයන බවට ප්‍රකාශ කරමින් වුවත් ඒ කිසිවක් නොවූ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

 

වත්මන් ජනාධිපතිවරයා පවා අවස්ථා ගණනාවකදී පරීක්ෂණ පවත්වන බව පැවසුවත් කිසිවක් සිදු නොවූ බවත් කවුරුන් හෝ මේ සත්‍ය සඟවමින් සිටින බැවින් මීට සම්බන්ධ කිසිදු පාර්ශ්වයකට සමාවක් නොදී ගත යුතු උපරිම නීති පියවර ගත යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

 

මෙම ත්‍රස්ත ප්‍රහාරයට සෘජුවම හෝ වක්‍රව දායක වූ අයටත් මෙය වළක්වන්න කටයුතු නොකරමින් රාජකාරිය පැහැර හැරි අයටත් කිසිදු රැකවරණයක් හෝ සහායක් නොමැති බවත් කතෝලික ජනතාව මෙන්ම රටේ ජනතාවත් ලොකු වේදනාවකට ලක්වී ඇති බැවින් මේ ත්‍රස්තවාදයට රට තුළ ඉඩක් නොමැති බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

එසේම මේ ගැටලුවේදී කාදිනල්තුමා රදගුරු සමුළුව සහ කතෝලික ප්‍රජාවත් මේ ප්‍රහාරය තුළින් වේදනාවට පත් පුද්ගලයනුත් විශ්වාස කරන බවත් ඒ නිසා කිසිදු අවස්ථාවක මේ සදහා සමාවක් නොමැති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වැඩිදුරටත් පැවසීය. 

පාස්කු ප්‍රහාරයේ සත්‍ය සොයා ගන්නා තෙක් ඒ අරගලයේ සමගි ජන බලවේගය සිටින බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

බස්නාහිර පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, වැඩ බලන පොලිස්පතිවරයා ලෙස පත්කිරීම කාදිනල් හිමිපාණන් පිළිකුලෙන් යුතු ව හෙළා දකින බව කතෝලික සභාව අවධාරණය කරයි.

 

සබැඳි පුවත් :
දේශබන්දු ගේ පත්කිරීම ගැන කතෝලික සභාවේ විරෝධය


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image