ප්‍රවීණ නිළියක වන ලීනා ද සිල්වා අභාවප්‍රාප්ත වී ඇත.


කැනඩාවේදී මියයනවිට ඇය 87 වන වියේ පසුවුවා ය.

ලියනගේ දොන් ලීනා පියසිලි ද සිල්වා නොහොත් ලීනා ද සිල්වා උපදින්නේ 1936 ඔක්තෝබර් 30 දින දීය. ඒ කොළඹ මාලිගාකන්දේදී ය.

ඇය සිය අධ්‍යාපනය හැදෑරුවේ කෝට්ටේ ආනන්ද බාලිකාවේය.

ඇයගේ පළමු සිනමා රංගනය වන්නේ 'අහංකාර ස්ත්‍රිය'යි. එහිදී ඇයට ඇගේ සහකරු වූ රවීන්ද්‍ර රුපසේන මුණ ගැසේ.

eye3pic1

ඔහු සමග 1960 දී විවාහවන ඇයට දරුවන් දෙදෙනෙකි. බිමල් යෝගා ශ්‍රී පුතා සහ දියණිය පුර්ණා ප්‍රියදර්ශණිය.

රවින්ද්‍ර රුපසේන ඇයගේ දිවියෙන් සමුගන්නේ 1978 දී හෘදයාබාධයක් හේතුවෙනි.

ලීනා ද සිල්වා, ශ්‍රී ලාංකේය සිනමාවේ, වේදිකාවේ සහ රූපවාහිනියේ සිය රංගන දක්ෂතා විදහා දැක්වීය.

4 773x631
ශ්‍රී ලාංකේය සිනමාවේ ආදිතම කුළුණු අතුරින් එකක් වන ලීනා ද සිල්වා දශක හයකට වැඩි කාලයක් පුරා දිවෙන වෘත්තීය ජීවිතයක් සමඟින් ඇගේ පරම්පරාවේ විචාරක ඇගයීමට ලක් වූ චිත්‍රපට රැසකට දායක වී ඇත.

2266ලීනා සහ රවීන්ද්‍ර චිත්‍රපට කිහිපයකම එකට රංගනයේ යෙදුනි. සහෝදරයෝ, සුන්දර බිරිඳ, සුරතලී, සුනීතා, නළඟන ඒ චිත්‍රපට අතර වඩා ජනප්‍රිය චිත්‍රපටය.

රවීන්ද්‍රගේ අභාවයෙන් පසු ලීනා වේදිකා රූපවාහිණි නිර්මාණ වලට දායක වූ අතර ඇය සියලු කලා කටයුතුවලින් ඉවත්ව 1991 කැනඩාවේ සිය දරුවන් සමග ජිවත් වෙන්නට ගියාය.

ලීනා ද සිල්වා දශක ගණනාවක් ලංකාවේ බොහෝ රසිකයින්ගේ ආදරය ගෞරවය දිනාසිටි රංගනවේදිනියකි.

ඇගේ දේහය පිලිබඳ අවසන් කටයුතු ඇගේ දරුවන් වෙසෙන ඔන්ටාරියෝහිදී සිදු කෙරෙණු ඇත.

(උපුටා ගැනීම -mirrorarts.lk)

සබැඳි ලිපියක් 

 


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්