නිල සංචිත වත්කම් ප්‍රමාණය 2024 අප්‍රේල් මාසය අවසන් වන විට එක්සත් ජනපද ඩොලර් මිලියන 5,438 ක් දක්වා වැඩිවී ඇති බව
ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
මෙය 2024 මාර්තු මාසය අවසන් වන විට පැවති ඩොලර් මිලියන 4,960 හා සැසඳීමේ දී 9.6% ක වර්ධනයක් වේ.
නිල සංචිත වත්කම් තුළ අන්තර්ගත ප්‍රධාන සංරචකය වන විදේශ විනිමය සංචිතය ඩොලර් මිලියන 4,916 සිට ඩොලර් මිලියන 5,398 ක් දක්වා 9.8% කින් මෙහිදී වැඩි වී තිබේ.
මේ අතර මහ බැංකුව සතු රන් සංචිතය ද ඩොලර් මිලියන 34 සිට ඩොලර් මිලියන 35 ක් දක්වා 2.5% කින් 2024 අප්‍රේල් මාසය තුළ දී ඉහළ ගොස් ඇත.
මෙලෙස නිල සංචිත වත්කම් ඩොලර් බිලියන 5 සීමාව ඉක්මවා ගොස් ඇත්තේ 2021 ජනවාරි මාසයෙන් පසුව වීම විශේෂත්වයකි.
මූල්‍ය හුවමාරු එකඟතාවක් යටතේ චීනය විසින් සපයා ඇති ඩොලර් බිලියන 1.4ද ඊට ඇතුළත් බව ශ්‍රී ලංකා මහ බැංකුව පැවසීය.
(adaderana.lk)