දේවගැති ජෙරොම් ප්‍රනාන්දු ව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.


පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී, නීතිඥ නිහාල් තල්දූව පැවසුවේ ප්‍රකාශයක් ලබාදීම සඳහා අද (01) උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණීමෙන් අනතුරුව ඔහුව අත්අඩංගුවට ගත් බවය.

බෞද්ධාගමට හා ආගමික සහජීවනයට අපහාස වන අයුරින් ප්‍රකාශයක් සිදු කළ බවට චෝදනා එල්ලවීමෙන් පසු විදේශගතව සිටි දේවගැතිවරයා පසුගියදා යළි දිවයිනට පැමිණියේය.

 ජෙරොම් ප්‍රනාන්දු දේවගැතිවරයා ඊයේ පෙරවරු 8.30 ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඩිජිටල් වොහාරික විමර්ශන ඒකකය හමුවේ පෙනී සිටි අතර, ඔහුගෙන්  පැය 10 ට අධික කාලයක් පුරා ප්‍රකාශ සටහන් කරගෙන තිබිණ.

දිවයිනට පැමිණ පැය 48ක් තුළ ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව හමුවේ පෙනී සිට ප්‍රකාශයක් ලබා දෙන ලෙසට අධිකරණ කර තිබු නියොගයකට අනුව ඔහු ඊයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටියේය.

(BBC සිංහල සේවය)


සබැඳි පුවත් :

අත්අඩංගුවට ගැනීම වළක්වන්නැයි දේවගැති ජෙරොම් ඉල්ලයි

දේවගැති ජෙරොම් ළඟදීම යළි දිවයිනට !

අල්ජසීරා, දේවගැති ජෙරොම්ගේ ගුරාගේ පැටිකිරිය හෙළිකරයි

'දිවැසිවර ජෙරොම්' සහ 'මිරකල් ඩෝම්' ගැන නොකී කතා !

ඔහු කුරුසයේ තබා ඇණ ගසමු ද? - (ගාමිණී වියන්ගොඩ)

බුදුන්ට අපහාස කළ දේවගැතිට වැඩ වරදී ! - ජනපතිගෙන් නියෝගයක්


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්