පාතාලය මර්ධනය වෙනුවෙන් පැහැදිලි වැඩපිළිවෙලක් සහ සැලැස්මක් ඇති බව

වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පැවසීය.

දැනටමත් එම වැඩපිළිවෙල ආරම්භකර ඇති බව සඳහන් කළ වැඩබලන පොලිස්පතිවරයා එහි ප්‍රතිඵල ඉදිරියේ දී දැකගත හැකි බව ඔහු සඳහන් කළේය.

අද (02) පෙරවරුවේ දළදා මාලිගාව වැඳපුදා ගැනීමට පැමිණි අවස්ථාවේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් වැඩබලන පොලිස්පතිවරයා මේ බව පැවසුවේය.

ශ්‍රී දළදා මාලිගාවට පැමිණි දේශබන්දු තෙන්නකෝන්, ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිලමේතුමන් විසින් පිළිගැනීමෙන් අනතුරු ව දළදා සමිඳුන් වන්දනාමාන කර ගනු ලැබිණි.

ඉන්පසු මල්වතු පාර්ශ්වයේ මහනායක තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහා නායක හිමියන් හා එම පාර්ශ්වයේ අනුනායක දිඹුල්කුඹුරේ විමලධම්ම අනුනායක හිමියන් ද බැහැ දැක ආශිර්වාද ලබාගෙන ඇත.

ඉන් අනතුරු ව අස්ගිරි මහා විහාරයට ගොස් අස්ගිරි පාර්ශ්වයේ මහ නායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණරතන මහා නායක හිමියන් ද බැහැ දැක වැඩ බලන පොලිස්පතිවරයා ආශිර්වාද ලබාගෙන තිබේ. 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්