ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ සියලු සංවිධායකවරුන් අද (07) කොළඹට කැඳවා තිබේ.


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ විසින් අදාළ කැඳවීම සිදුකර ඇති බව වාර්තා වේ.

ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ සංවිධායකවරුන් නෙළුම් මාවතේ පිහිටි පක්ෂ මූලස්ථානය වෙත පෙරවරු 11.00 ට කැඳවා ඇති බව සඳහන්ය.

ඉදිරි දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම මෙම හමුවේ අරමුණ වී ඇති බව වාර්තා වේ.

මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ අතර පසුගිය සෙනසුරාදා (04) පැවති සාකච්ඡාවේ දී ගනුලැබු තීන්දු තීරණ පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතව ඇතැයි පැවසේ.

ලබන 15 දා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ සුදානමක් පිළිබඳව කතාබහක් පවතින මොහොතක මෙම රැස්වීම කැඳවා තිබීම සම්බන්ධයෙන් දේශපාලන ක්ෂේත්‍රයේ විශේෂ අවධානයක් යොමුව ඇත. 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්