ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ක්‍රිකට් ක්‍රීඩා විස්තර විචාරක ප්‍රේමසර ඈපාසිංහගේ දිවියේ රසාලිප්ත තොරතුරු ඇතුළත්

මාධ්‍යවේදී අතුල රංජිත් වෙදමේස්ත්‍රීගේ රචිත ‘ශ්‍රී ලංකා ක්‍රිකට් පිටියේ රන් ස්වරය ප්‍රේමසර ඇපාසිංහ’ කෘතිය ජනගත කිරීම දෙසැම්බර් 06 සවස 3.00 කොළඹ නාලන්දා විදුහලේ මලලසේකර ශාලාවේ පැවැත්වේ.

නලන්දා විදුහල්පති එරාන් චම්පික සිල්වාගේ උපදෙස් පරිදි කළමනාකාර කමිටුව සහ ආදි නාලන්දීය ක්‍රිකට් සංගමය මෙම උත්සවය සංවිධානය කරයි.

ප්‍රේමසර ඈපාසිංහ නාලන්දාවේ ක්‍රිකට් ක්‍රීඩකයකු මෙන් ම ගුරුවරයකු හා ක්‍රිකට් භාර ආචාර්යවරයකු ලෙසත් නාලන්දීය ඉතිහාසය බැබළ වූවෙකි. මේ ග්‍රන්ථයෙන් ඔහුගේ ක්‍රිකට් ක්‍රීඩා විස්තර විචාරක භූමිකාවේ මෙන්ම දිවිසැරියේ ද රසාලිප්ත මතක සටහන් ආවර්ජනයක් සිදු කෙරී ඇත.

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්