COP28 සමුළුවට සමගාමීව ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන් (Emmanuel Macron) අතර ද්විපාර්ශ්වික

සාකච්ඡා ඊයේ (02) පැවැත්විණි.

දෙරට අතර සමීප සබඳතා තවදුරටත් වර්ධනය කර ගැනීම පිළිබඳ මෙහිදී නායකයන් සාකච්ඡා කළ අතර ශ්‍රී ලංකාවේ හරිත ආර්ථික පරිවර්තනය පිළිබඳ විශේෂ අවධානය යොමු කෙරිණි. 

ඉන්දියානු සාගර කලාපීය වටද්දර රටවල සංගමය (IORA) සමග ප්‍රංශයේ සබඳතා ශක්තිමත් කිරීම කෙරෙහි ද නායක දෙපළ සාකච්ඡා කළහ.

දේශගුණික විපර්යාස පිළිබඳ ජාත්‍යන්තර විශ්වවිද්‍යාලය පිහිටුවීම සඳහා ශ්‍රී ලංකාව ගෙන ඇති පියවර පිළිබඳ මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ, ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන් දැනුවත් කළ අතර එම කටයුතු සමඟ එක්වන ලෙසද ප්‍රංශ ජනාධිපතිවරයා වෙත ආරාධනා කළේය.

ලෝක නායකයන් ගේ පැසසුමට....

407336997 738545201638436 6454721142731487295 n
දේශගුණික විපර්යාස අවම කිරීමේ ශ්‍රී ලංකාවේ උත්සාහයන් කෝප් 28 සමුළුවේදී ලෝක නායකයින්ගේ ප්‍රසාදයට ලක්ව තිබේ.

දේශගුණික යුක්ති සංසදයක් සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ යෝජනාවට එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහනේ සහාය ද හිමිවූ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් ක‍රයි.

දේශගුණික විපර්යාස පිළිබද ගැටලු විසඳීමේ තීරණාත්මක වැදගත්කම අවධාරණය කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් දේශගුණික යුක්ති සංසදය එළි දැක්වීම ඊයේ (02) සිදු කරනු ලැබිණි.

ජනාධිපතිවරයා සමඟ එම අවස්ථාවට මාලදිවයින් හිටපු ජනාධිපති මොහොමඩ් නෂීඩ්, එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහනේ විධායක අධ්‍යක්ෂ ඉන්ගර් ඇන්ඩර්සන් සහ උගන්ඩාවේ සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය ඇස්න් ජෙන් රූත් ද එක්ව සිටි බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

දේශගුණික යුක්ති සංසදය, දේශගුණික විපර්යාස අවම කර ගැනීම සඳහා වූ සාමූහික ප්‍රයත්නයට සියලු පාර්ශ්වයන් ඒකාරාශී කර ගනිමින් ඒ වෙනුවෙන් අධිෂ්ඨානශීලීව කැපවීම ආරම්භක පියවරක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙහිදී අවධාරණය කර තිබේ.

මෙය රාජ්‍යයන්ට පමණක් තනිව කළ හැකි කාර්යයක් නොවන අතර මේ වෙනුවෙන් පෞද්ගලික අංශයේ දායකත්වය ද අවශ්‍ය බව ජනාධිපතිවරයා පෙන්වා දී ඇත.

මෙහිදී අදහස් දැක්වූ එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහනේ විධායක අධ්‍යක්ෂ ඉන්ගර් ඇන්ඩසන්, දේශගුණික විපර්යාසයන්ට එරෙහිව සටනට අවශ්‍ය ක්‍රියාමාර්ග සහ වර්තමාන ප්‍රයත්නයන් අතර පවතින විෂමතාව අවධාරණය කර තිබේ.

දේශගුණික විපර්යාස පිළිබද ගැටලු අවම කර ගැනීමට සියලු රටවල් ඒකරාශී කිරීමේ ප්‍රබල බලවේගයක් ලෙස මෙම දේශගුණික යුක්ති සංසදය කටයුතු කරනු ඇති බව පැවසූ විධායක අධ්‍යක්ෂකවරිය එම සංසදය සාදරයෙන් පිළිගත් බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

cop 28


 


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්