සමගි ජන බලවේගය ඉදිරි මැතිවරණ ඉලක්ක කරගෙන ලබන ජනවාරි මාසයේදී තවත් විවිධ පක්ෂ 20ක් සමඟ නව දේශපාලන සන්ධානයක්

ආරම්භ කරන බව ස.ජ.බ මහලේකම් රන්ජිත් මද්දුමබණ්ඩාර පැවසීය.

මෙම පක්ෂ 20 ට අමතරව තවත් පොදුජන සංවිධාන ගණනාවක්ද ස.ජ.බ ට සහයෝගය දීමට ඉදිරිපත්ව සිටින බව ප්‍රකාශ කළ සජබ මහලේකම්වරයා, සන්ධානයට එක්වන සියලු පක්ෂ සමඟ ගිවිසුම් අත්සන් කිරීමට අපේක්ෂා කරන්නේ යැයි ද ප්‍රකාශ කළේය.

සමගි ජන බලවේගයේ ප්‍රතිපත්ති පිළිගන්නා දේශපාලන පක්ෂ හා සංවිධාන පමණක් තම සන්ධානයට එක්කර ගැනීමට දැනටමත් තීන්දුවක් ගෙන ඇතැයි පැවසු සජබ් මහලේකම් වරයා, ඒ අනුව ලබන ජනවාරි මාසයේ කොළඹදී උත්සවාකාරයෙන් නව සන්ධානය ආරම්භ කරන්නේ යැයි ද සඳහන් කළේය.

(deshaya.lk)


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්