හපුතලේ, වැලිමඩ මාර්ගයේ පිහිටි විහාරස්ථානයකදී විදේශීය කාන්තාවක අපයෝජනය කළ බවට

සැකපිට බෞද්ධ හිමිනමක් අද (දෙසැ. 6) අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ සමබන්ධයෙන් සිදු කළ විමසීමකදී හපුතලේ පොලිස් ස්ථානාධිපති මේ බව තහවුරු කළේ ය.

සැකපිට අත්අඩංගුවට ගත් හිමිනම,  වැලිමඩ මාර්ගයේ පා ගමනින් ගිය විදේශීය යුවළක් විහාරස්ථානය පෙන්වීමට යැයි පවසා විහාරස්ථානය තුළට කැඳවාගෙන ගොස් තිබිණි.

මෙම විදේශීය කාන්තාව සමග පැමිණි ඇයගේ සහකරුට පිටත රැඳී සිටින ලෙස පවසා දේවාලයක් සහිත අඳුරු කාමරයක් තුළදී අදාළ හිමිනම, විදෙස් කාන්තාවගේ ශරීරය ස්පර්ශ කර ඇති බව හපුතලේ පොලිස් ස්ථානාධිපතිවරයා සඳහන් කළේ ය.

විදේශීය කාන්තාව හපුතලේ පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව මෙම සැකකාර හිමිනම අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ, මෙම තරුණිය 26 හැවිරිදි පෝලන්ත ජාතික කාන්තාවක බව ත්සැකපිට අත්අඩංගුවට ගත් හිමිනම 18 හැවිරිදි වියේ පසු වන බවත් ය.

හපුතලේ පොලිසිය මේ පිළිබඳව වැඩිදුර විමර්ශන සිදු කරයි.

සටහන :
සමන් නානායක්කාර (හල්දුම්මුල්ල)


(mawbima.lk) 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්