ශ්‍රී ලංකා ආර්ථික විද්‍යාඥයින්ගේ සංගමයේ 35වෙනි වාර්ෂික ජාත්‍යන්තර සම්මන්ත්‍රණය මෙම මස 08 සහ 09 දෙදින

කොළඹ හෙක්ටර් කොබ්බෑකඩුව ගොවිජන පර්යේෂණ සහ පුහුණු ආයතනයේදී පැවැත්වේ.

ශ්‍රී ලංකාවේ ආර්ථික පුනර්ජීවනය සඳහා කෘෂිකර්මාන්තයේ පරිනාමය කිරීම මැයෙන් මෙම සම්මන්ත්‍රණය පැවැත්වෙන බව එම සංගමයේ සභාපති මහාචාර්ය විජිතපුරේ විමලරතන නාහිමියෝ පැවසූහ. 

කොළඹ 07 පිහිටි වෘත්තීය වේදීන්ගේ සංවිධානයේ ශ්‍රවණාගාරයේ ඊයේ (06) උදේ පැවැති විශේෂ මාධ්‍ය හමුවට එක්වෙමින් උන්වහන්සේ මේ බව කියා සිටියහ.

කෘෂිකර්මාන්තයේ සංවර්ධනය කෙසේ සිදුකළ යුතු දැයි මැයෙන් තම සංගමයේ ආර්ථික විද්‍යාඥයින් ප්‍රධාන විද්වත්හු විසින් සිදුකළ පර්යේෂණ වාර්තා 24ක් සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා කෙරෙනු ඇත.

වසර 2025දී මෙරට කර්මාන්ත අංශය දියුණු කරන ආකාරයත් වසර 2026දී මෙරට සේවා අංශය දියුණු කරන ආකාරය පිළිබඳවත් සාකච්ඡා වට පැවැත්වීමට සැලසුම් කොට ඇතැයිද උන්වහන්සේ කීහ.

කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර, ලෝක බැකුවේ ජ්‍යෙෂ්ඨ කෘෂිකර්ම ආර්ථික විද්‍යාඥ ජෝන් කීසර් මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිතයින් ලෙස එක්වන අතර ගෞරවනීය ආරාධිතයා වනුයේ සීමාසහිත සණස රක්ෂණ සමාගමේ සභාපති පී.ඒ කිරිවන්දෙණිය බවද උන්වහන්සේ පැවසූහ.

මෙම සම්මන්ත්‍රණයේ කතිකා කරණ මෙරට කෘෂිකර්මාන්තයේ නවීකරණය සඳහා වූ යෝජනා සහ වැඩ පිළිවෙල ඉදිරියේදී සාරවත් ග්‍රන්ථයක් ලෙස එළි දැක්වේ. එය මෙරට ප්‍රතිපත්ති සම්පාදකයින්ට, විශ්ව විද්‍යාල ආචාර්ය මහාචාර්ය වරුන්ට සහ කෘෂිකර්මාන්ත ක්ෂේත්‍රයේ දියුණුවට කටයුතු කරන පිරිසට පරිශීලනය කොට ප්‍රායෝගික කෘෂිකර්මාන්තයක් රටේ ඇති කිරීමට භාවිතා කළ හැකිය.

පළාත් පාලන ආයතන විසින් මධ්‍යම රජයේ බදු මුදල් ලබා ගැනීමකින් තොරව තම ආයතනය පවත්වා ගැනීමට නව ආකාරයෙන් සිතා බදු ආදායම එක් රැස් කිරීම සම්බන්ධයෙන් නිර්මාණාත්මකව කටයුතු කළ යුතු බව ශ්‍රී ලංකා ආර්ථික විද්‍යාඥයින්ගේ සංගමයේ මහා ලේකම් ආචාර්ය මාරිංග සුමනදාස සඳහන් කළේය.

email a newflyer 2023 24 page 0001

AS Brochure 2023 pg12 19 5 Legal page 0001

AS Brochure 2023 pg12 19 5 Legal page 0002


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්