දේශපාලනඥයන් ඇතුළු පිරිස් විදේශ රටවල සඟවා ඇති මුදල් ඇතුළු සම්පත් මේ රටට ගෙන්වා ගැනීම

සඳහා යාන්ත්‍රණයක් සකසා ඒ සඳහා නිදිවරාගෙන වැඩ කරන්නැයි විදේශ කටයුතු අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තුවේදී අද (7) පැවසීය.

ජාතිවාදය සහ ආගම් වාදය හැමවිටම ප්‍රතික්ෂේප කරන බව පැවසූ විපක්ෂනායකවරයා, රටට අවශ්‍ය වන්නේ ශ්‍රී ලාංකික චින්තනය බවද ප්‍රකාශ කළේය.

විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ අද (7) පාර්ලිමේන්තුවේදී කම්කරු හා විදේශ කටයුතු අමාත්‍යාංශය වැය ශීර්ෂ විවාදයට එක්වෙමිනි.

යම් කාලවකවානුවක දී විදේශ ප්‍රතිපත්තියේදී ශ්‍රී ලංකාවේ අයිතිවාසිකම් සුරැකීමේ නාමයෙන් විවිධ පාර්ශ්වයන්ට ලංකාවේ මුදල් ගෙවා ඇති බවත් සුබේරි නම් පුද්ගලයා එවැනි කෙනෙක් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.


මෙරට ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කරමින් රට බංකොලොත් කළ පාර්ශ්වයන් කවුරුන්ද යන්න මෙරට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අනාවරණය කළ බවත් එම තීන්දුව අනුව කටයුතු කරමින් රටෙන් හොරා කන ලද සම්පත් සහ මුදල් නැවත රට තුළ ගෙන ඒමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලෙසත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඉල්ලා සිටියේය.


එහිදී විපක්ෂනයකවරයා මෙසේද පැවසීය.

'' විදේශ කටයුතු අමාත්‍යාංශය නිදි වරාගෙන වැඩ කරනවා කියලා අපිට ආරංචියි. ඒ නිලධාරීන්ට අපි සුබ පතනවා. දේශපාලනඥයන් ඇතුළු පිරිස් පිටරට සඟවා ඇති අපේ සම්පත් සොයා ගැනීමට නිදිවරාගෙන වැඩ කිරීමත් නරක නැද්ද කියලා මම අහනවා. මේ රටේ ශ්‍රේෂ්ඨාධිකරණය ජනතාවගේ අයිතිවාසිකම් උල්ලංඝනය කළ බැසිල් රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, මහින්ද රාජපක්ෂ ඇතුළු පිරිසට නියෝගයක් දුන්නා. ඒ අහිමිවුණු දේපළ ලබා ගැනීමටත් ඔබගේ යාන්ත්‍රණය මෙහෙයවන්න.

නිදහස් වෙළඳ ගිවිසුම් වලට අපි ප්‍රවේශ වෙන්න ඕන. අවබෝධතා තුළින් රටට ප්‍රතිලාභ අත්වෙන්න ඕන. කොරෝනා සමයේදී මුස්ලිම් ජනතාවගේ අයිතිය නැතිවුණා. අපි ඉන්නේ ශ්‍රී ලාංකිකත්වය කියන ප්‍රතිපත්තිය තුළ. එදා රාජ්‍ය පාර්ශවයේ හිටපු මුස්ලිම් නායකයන් නිවැරදි තැන හිටගත්තේ නැහැ. අපි ඒ ක්‍රියාවලියට එරෙහිව මහ පාරට බැස්සා.  අපි විතරයි මහ පාරට බැස්සේ.

ප්‍රති ත්‍රස්ත පනත පීඩාකාරී එකක්. ත්‍රස්තවාදය තුරන් කරන්නට අණ පනත් තියෙන්න ඕන. රටට ජාතික ආරක්ෂාව අවශ්‍යයි. ත්‍රස්තවාදයට ඉඩ නොතබන මානව අයිතිවාසිකම් සුරක්ෂිත කරන නීති පද්ධතියකට අපි එකඟයි.'' 

  

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්