මන්ත්‍රීවරුන්ට දුරකතන ඇමතුම්දී සමච්චලයට ලක් කරන (බයිට් කරන) සිවිල් ක්‍රියාකාරිකයකු පිළිබඳව

පොලිස්පතිවරයාට පැමිණිලි කළ බව ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය  චාමර සම්පත් දසනායක පාර්ලිමේන්තුවේදී අද (7) පැවසීය.

මේ පුද්ගලයා තමාටත් ඩයනාගමගේ රාජ්‍ය අමාත්‍යවරියටත් දුරකතන ඇමතුම්දී  හෑල්ලුවට ලක්වන ආකාරයට කතා කළ බවද ඔහු සඳහන් කළේය.

රාජ්‍ය අමාත්‍යවරයා මෙසේ පැවසුවේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයේදීය.

චාමර සම්පත් දසනායක එහිදී මෙසේද පැවසීය.

'' මේ පුද්ගලයාගේ නම සහන් ගනේගොඩ. මෙයා හිතුවේ නෑ මම එයා හොයා ගනීවි කියලා. පැයක් ඇතුළත මම හොයා ගත්ත. මෙයා අරගලයේ හිටපු කෙනෙක් යුද හමුදාවෙන් පැනල ගියපු කෙනෙක්. ඒ වගේම මෙයාට කාන්තා දූෂණ නඩු අපරාධ රැසක් තියෙනවා. පොලිසි බර ගාණක මෙයාට විරුද්ධව පැමිණිලි තියෙනවා. හැබැයි මෙයාගේ පේජ් එකේ තියෙන්නේ විපක්ෂ නායකතුමාගේ ෆොටෝ එක.

අපිට මඩ ගහලා අපිව නැති කරන්න බැහැ. ඔය වගේ අපතයන්ට අපරාධකාරයන්ට  ඒ දේ කරන්න බැහැ. මේ කතා කරන්නෙ සූදනෙක් වගෙයි. මෙයා පට්ට හොරෙක්. මිනීමරුවෙක් මංකොල්ලකාරයෙක්. මේ රටේ පොලිසිවලින් මෙයා හොයනවා. මෙයා ගැන විමසිල්ලෙන්  ඉන්න කියලා මම මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලනවා..'' 

 
(lankadeepa.lk)

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්