විදේශ ගත ශ්‍රමිකයින් හරහා ඩොලර් මිලියන 100ක මුදලක් මෙරටට ගෙන්වා ගැනීමට හැකි වු නමුත්

එය දිර්ඝ කර ගැනීමට අකුල් හෙලන මුදල් අමාත්‍ය නිලධාරින් කම්කරු හා විදේශ රැකියා අමාත්‍යවරයා දෝශ දර්ශනයට ලක් කළේය.

විදේශ ගත ශ්‍රමිකයින් නීත්‍යානුකූල ක්‍රමයට මෙරටට එවූ මුදල් ප්‍රමාණය මත ඉලෙට්‍රික් වාහන ආනයනය කිරීම සදහා බලපත්‍ර 900ක්  නිකුත් කර ඩොලර් මිලියන 100ක මුදලක් ගෙන්වා ගැනීමට හැකි වු බව අමාත්‍ය මනුෂ නානායක්කාර අද (07) පාර්ලිමේන්තුවේදී කියා සිටියේය.

කෙසේ වෙතත් මෙම වාහන ගෙන්වීමට අදාල ණයවර ලිපි නිකුත් කිරීමට ලබාදී ඇති කාලය දීර්ඝ කරන ලෙසට ජනාධිපතිවරයා අවස්ථා තුනකදී දැනුම්දී ඇති නමුත්  මුදල් අමාත්‍යාංශයේ සිටින ඇතැම් නිලධාරීන් එයට අවශ්‍ය පියවර ගෙන නොමැති බවටයි අමාත්‍යවරයා චෝදනා කරන්නේ.

"විදේශ විනිමය ලැබීම් වර්ධනය කරගන්න අපි ඉලෙක්ට්‍රික් වාහන බලපත්‍රක්‍රමයක් හදුන්වාදුන්නා. එතනදි අපි දළ වශයෙන් විද්‍යුත් වාහන නවසීයකට ආසන්න සංඛ්‍යාවකට බලපත්‍ර නිකුත් කරලා තියෙනවා. ඒ හරහා ඇමරිකානු ඩොලර් මිලියන 100කට වඩා වැඩි මුදලක් රට තුලට ඇවිල්ලා තියෙනවා. ඒ වගේම ණයවර නිකුත් කිරීම දීර්ඝ කරන්න තියෙනවා ඒත් ජනාධිපතිතුමා ඉල්ලීම් කරලත්  මහා භාණ්ඩාගාරය තවමත් ප්‍රතිචාර දක්වලා නැහැ. ගෝඨාභය රාජපක්ෂ, මහින්ද රාජපක්ෂ මහත්වරුන්ගෙ කාලයෙත් මහා භාණ්ඩාගාරය ඇතුලේ හිටියෙ එකම නිලධාරීන් පිරිසක්. උපන්දා සිට මහා භාණ්ඩාගාරයේ ඉන්න නිලධාරීන් ඉන්නවා. විශේෂයෙන්ම ආචාර්ය කපිල සේනානායක කියන කෙනා. ඇත්තටම ඔය ආර්ථිකය වැටුනා කියන කාලයෙත් හිටියේ මේ අයමයි. ඒ අය තවමත් රටට අත්‍යාවශ්‍ය වෙලාවේ රටට ඩොලර් මිලියන ගණනක් ගෙන්ලා තියෙන මිනිස්සුන්ට දීපු මේ ප්‍රතිලාභය විශේෂයෙන් මේ වාහනය ගෙන ඒමට අදාල ණයවර ලිපිය විවෘත කරන එකේ දිනය දීර්ඝ කිරීමට කල් අරගන්නවා."

එම නිලධාරින්ට රට කඩා වැට්ටවිමේ උවමනාවක් ඇති දැයි ජනාධිපතිවරයාගේ අවධානය යොමු විය යුතු යැයි ද ඇමැතිවරයා එහිදි කියා සිටියේය.

"මේ වගේ නිලධාරින් එක්ක රට අමාරු තත්ත්වයකට වැටිල ඉන්න අවස්ථාවක ඉදිරියට ගෙනියන්නේ කොහොමද කියලත් අවධානය යොමු කළයුතුයි. ගුවන්තොටු පොලේ දී  අපි විදේශගත ශ්‍රමිකයින් එවල ලද මුල් ප්‍රමාණය අනුව තීරු බදු සහන ලබා දෙන්න කැබිනට් මණ්ඩලය අනුමත කළා. එහිදී වැඩියෙන් මුදල් එව්වා නම් වැඩියෙන් තීරු බදු සහන ලබාදෙන්නත් එහිදී තීරණය කළා. හැබැයි මේවා කැබිනට් එක අනුමත කරලා කැබිනට් එක් ගැසට් එකත් ගහල තියෙද්දිත් තවමත් රේගුවට මේ බදු සහනය ලබා දෙන්න බැරිවෙලා තියෙනවා."

කැබිනට් මණ්ඩලය හා ජනාධිපතිවරයා විසින් අදාළ තීරණ ගෙන තිබුන ද නිලධාරින් එම තීරණ ක්‍රියාත්මක කිරීමට සහාය නොදෙන බවටයි අමාත්‍ය මනුෂ නානායක්කාර චෝදනා කරන්නේ.


විදේශ ගත ශ්‍රමිකයින් වෙනුවෙන් කරන්නේ මොනාවාද?

විදේශ ගත ශ්‍රමිකයින් වෙනුවෙන් මනුසිව බහුකාර්ය ණය යෝජනා ක්‍රමය ඔස්සේ සියයට 8ක පොලියට මිලියන දෙකක මුදලක් ලබා ගැනිමේ හැකියාව ඇති බවත්, ඔවුන් හට නිවසා ව්‍යාපෘතියක් ආරම්භ කර එහි මුල් අදියර ක්‍රියාත්මක කර ඇති බව මෙන්ම ගුවන්තොටුපොලේදී විදේශගත ශ්‍රමිකයින්ට නිසි ගරුත්වය ලබා දීමට හෝප් ගේට් නමින් විශේෂ ද්වාරයක් විවෘත කළ බව ද ඔහු සඳහන් කළේය.

පළමුවරට විදේශ රැකියා සඳහා පිටත්ව යන කාන්තාවන්ගේ පවුල් වලට වවුචර්පත් නිකුත් කර ඇති බව හා රට ගිය මව්පියන්ගේ දරුවන් වෙනුවෙන්  දිවා සුරැකුම් මධ්‍යස්ථාන රට පුරාම ආරම්භ කරන වැඩසටහන යටතේ පළමු දිවා සුරැකුම් මධ්‍යස්ථාන දෙක කුරුණෑගලත් කරන්දෙනියෙත් ආරම්භ කර ඇති අතර විග්‍රමනික ශ්‍රමිකයින්ගේ දරුවන්ට විදේශ සේවා නියුක්ති කාර්යාශය විසින් කාලයක පටන්ම ශිෂ්‍යත්ව ලබා දීම සිදුකරන බව ද ඇමැතිවරයා කියා සිටියේය.

"අවස්ථා හයකට වැඩි සංඛ්‍යාවකදී ලියාපදිංචි වෙලා විදේශගත වුනු ශ්‍රමිකියන් විසින් රටට කරපු සේවය වෙනුවෙන් ඔවුන්ව ඇගයීමට වවුචර්පත් ලබාදීමට කටයුතු කළා ඒ  සඳහා රුපියල් ලක්ෂ පන්සීයක මුදලක් යොදවලා තිබෙනවා. ග්ලෝකල් ෆෙයා ඔස්සේ ගාල්ලට යාපනයට ගියා. මොනරාගලට කුරුණෑගලට යන්න බලාපොරොත්තුවෙනවා. දැනටමමත් දැවන්තට රැකියා වෙළෙඳපොලක් ආරම්භ කරල අවසන්. එහිදී කම්කරු අමාත්‍යාංශයේ සියලුම දෙවල් වගේම අගාමන විමගමණ, පාස්පොට් කන්තොරුව, මහ බැංකුව, ඊ.පී.එෆ්, ඊ.ටී.එෆ් ඇතුළු සියලුම දේවල් එකතු කරගෙන යාපනයට ගියා.  එමගින් සංහිඳියාව වර්ධනය කරන්නත් අපි බලාපොරොත්තු වුනා. කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය සමඟ එකතුවෙලා විදේශගත ශ්‍රමිකයන්ගේ දරුවන්ට උසස් අධ්‍යාපනය ලබාදෙන්න කටයුතු කරලා තියෙනවා. එමගින් යම් සහනයක් ලබාදෙන්නත් කටයුතු කරලා තියෙනවා."


ජාවාරම්කරුවන්ට හසු වෙන්න එපා, ලංකාවට ලැබුන රට රැකියා මෙන්න

පසුගිය වසරේ මැයි මාසයේ සිට කොරියා රැකියා සඳහා 6636ක් යොමු කළ බව කී ඇමැතිවරයා මේ වර්ෂයේ මුල් මාස 10දි පුද්ගලයින් 5414ක් කොරියානු රැකියා සඳහා පිටත්ව ගිය බව පැවසීය.

ඊශ්‍රායලයේ සාත්තු සේවකයින් ලෙස 500ක නියමු ව්‍යාපෘතිය මේ වන විට අවසන් කර ඇති අතර ඒ අයටතේ ශ්‍රමිකයින් 536ක් ඒ සඳහා යොමු කර තිබේ.

ඊශ්‍රායලයේ කෘෂි ක්ෂේත්‍රය සඳහා රැකියා දසදහසක අවස්ථාවක් මෙරටට ලැබී ඇති බව මෙන්ම ඉදිකිරීම් ක්ෂේත්‍රයට රැකියා විසිදහසක් ලැබී ඇතැයි අමාත්‍යවරයා මෙරටට ලැබී ඇති ජපන් රැකියා අවස්ථා ගැන ද මෙහිදි සඳහන් කළේය.

"ජපානයේ රැකියා අවස්ථාවන් විවර වෙලා තියෙනවා. එහිදී ජපන් භාෂාව සහ වෘත්තිය පුහුණුව සඳහා වැයකරන මුදල ප්‍රතිපූර්ණය කිරීමටත් පියවර අරගෙන තිබෙනවා. ජපානයේ තානාපති කාර්යලායේ කම්කරු අංශයක් ස්ථාපිත කිරීමටත් පියවර අරගෙන තිබෙනවා. මීට අමතරව ජපානයේ එස්.එස්.ඩබ්ලිව් කියන නව වීසා ක්‍රමය ඔස්සේ ශ්‍රමිකයින් යැවීමටත් පියවර අරගෙන තිබෙනවා. ඒ යටටෙත් දැන තිබුණු සාත්තු සේවක, ආහාර සැකසුම් හා නිෂ්පාදන යන අංශ වලට අතිරේකව ඉදිකිරීම් කියන අංශයටත් නව අවස්ථා විවර කරදීමට අදාල විභාග කටයුතු ආරම්භ කරන්න ගිය සතියේදී හැකියාව ලැබුනා.  ලබන වසරේ මාර්තු මාසයේ සිට සිවිල් ගුවන් සේවා සඳහාත් අපේ ශ්‍රමිකයින් යැවීමේ කටයුතුත් අපි ආරම්භ කරනවා."

විදේශ රැකියා ජාවාරම්කරුවන්ට හසු නොවැන්නැයි ඉල්ලා සිටි කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර "අපි කොච්චර අහුවෙන්න එපා කිව්වත් මිනිස්සු අහුවෙනවා. හැබැයි ඒත් අපි වැටලීම් කරලා නඩු 151ක් ගොනු කරලා තියෙනවා.  මුල් කාර්තුවේදී වැටලීම් අඩුවෙලා තියෙනවා. ඒ වගේ අදවන විට ලැබෙන පැමිණිලි සංඛ්‍යාව අඩුවෙලා තියෙනවා." යි වැඩිදුරටත් කියා සිටියේය.

 

 

 

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්