"නන්නාඳුන රටක තනිවෙන එක හොඳයි අමනයෝ පිරිසක් වටකරගෙන ඉන්නවට වඩා" - රනිෂ් ගේ සොයුරිය 'සංදේශයට' කියයි
ආක්‍රමණික රුසියානු හමුදාවට විරුද්ධව යුක්රේනයේ සටන් කරමින් සිටින අතරවාරයේ දිවි දුන් කපිතාන් රනිෂ් හේවගේ ගේ සිරුර ශ්‍රී ලංකාවට ගේන්නේ නැහැ කියල රනිෂ් ගේ අක්කා, අයෝනා හේවගේ, තීරණය කරලා.
ඒ රනිෂ් මියගියාට පස්සේ සමාජ මාධ්‍ය ජාල ඔස්සේ දෝරේ ගලන නොමිනිස් හැසිරීම් ඇයටත්, පවුලේ අයටත් දරාගන්න බැරි තරම් නපුරු නිසා.
"නන්නාඳුන රටක තනිවෙන එක හොඳයි සරෝජ්, අමනයෝ පිරිසක් වටකරගෙන ඉන්නවට වඩා," අයෝනා මා එක්ක කීව.
"ඒ තනිකම සැපක්."
දරාගන්න බැරි වේදනාවෙන්, බොහොම අමාරුවෙන් වචන තෝරා ගනිමින් අයෝනා මට ඉතාමත්ම හැඟීම්බර audio message එකක් එවල තිබුණ. ඒක පෞද්ගලික පණිවුඩයක්. ඒ නිසා මම මේ සටහන ලියන්නේ අයෝනා ගේ අවසරය ඇතිව.
'වන්දි ලැබෙන්නේ නෑ'
යුද සංග්‍රාමයේ දක්වපු දස්කම් නිසාම යුක්රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි ගෙන් සම්මාන කිහිපයක්ම ලබල, උසස්වීම් ලබපු රනිෂ් යුද බිමේ හැඳින්වුණේ 'කපිතාන් ඩෙන්ටිස්ට්' කියල. පසුගිය දෙසැම්බර් 05 වෙනිදා නැගෙනහිර යුක්රේනයේ බක්මුත් (Bakhmut) පළාතේදී ඔහු දිවි පිදුවේ ඊට පෙරදින යුද බිමේදී මියගිය ප්‍රියන්ත කියන ශ්‍රී ලාංකික සෙබලාගේ සිරුර ගේන්න ස්වේච්ඡාවෙන්ම ඉදිරිපත් වුණ වෙලාවේ.
"ඒ මැරුණ මනුස්සයාගේ සිරුර ගෙනාවේ නැත්නම් ඒ මනුස්සයාගේ පවුලට ලැබෙන්න තිබුණ දේවල් ලැබෙන්නේ නැති නිසා තමයි මල්ලි ජීවිතේ පරදුවට තියල සිරුර ගන්න ගියේ."
කොහොමහරි යුක්රේන බලධාරීන්ගෙන් ඉල්ලිමක් කරලා රනිෂ් ගේ සිරුර අරගෙන ආපු බව, රනිෂ් එක්ක ඒ මෙහෙයුමට ගිහින් තුවාල ලබපු සෙබල ලහිරු හතුරුසිංහ මා එක්ක කීව. තවමත් දරුණු සටන් පවතින නිසා ඒ මෙහෙයුමේදී රනිෂ් එක්කම මියගිය අනෙක් ශ්‍රී ලාංකික සෙබලගේත්, ඔවුන් සිරුර සොයා ගිය සෙබලාගේත් සිරුරු රැගෙන එන්න හැකි වෙලා නැහැ.
රනිෂ් තුවාල ලැබුවම කිලෝමීටර් 15 ක් ඔහු ඔසවාගෙන ආ බවත් සෙබල ලහිරු හතුරුසිංහ 'Sandeshaya by Saroj' නාලිකාවේ සටහනක් තබමින් කියල තිබුණ. මෙහෙයුමේ දී තුවාල ලබපු ඔහු තවමත් රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ගන්නවා.
'කුලී හේවායෙක්'
මිතුරන්, සගයින් සහ ඔහු නොදන්නා බොහෝ අයත් ප්‍රණාමය පුදද්දී, රනිෂ් 'කුලී හේවායෙක්' (mercenary) බවටත්, ඒ නිසා මරණය ඔහුට කැප බවත් කියමින් සමාජ ජාල ඔස්සේ විසකුරු අදහසුත් දෝරෙ ගලනවා.
"රත්තරන් හදවතක් තිබුණ," මල්ලිගේ වියෝව මදිවට සමහර මනු සතුන්ගේ ඒ නොමිනිස් හැසිරීම් දරාගෙන ඉන්න හරිම අසීරුවෙන් කියල අයෝනා මා එක්ක කීව.
"සල්ලි නැතුව ඩොලර් හොයන්න ආපු ගමනක් නෙවෙයි මේක. නොදන්නා දේවල් ගැන පල් හෑලි ලියන්න අපේ ලංකාවේ මිනිස්සු තරම් දක්ෂ මිනිස්සු තවත් මේ ලෝකේ කොහේවත් නැතුව ඇති," රනිෂ් ගේ අක්ක කියන්නේ ලොකු කලකිරීමකින්.
"මම ඒ මිනිස්සුන්ට අනුකම්පා කරනවා. තමන්ගේ කෙනෙක්ගේ මරණයකට එහෙම සතුටුවෙන ජාතියක් ලෝකේ උතුම්ම ජාතිය වෙන්නේ කොහමද කියල මම කල්පනා කරනවා."
යුක්‍රේනයේ දී ලැබුණට වඩා තුන් ගුණයක වැටුපක් යුක්රේනයට එන්න කලින් ඩුබායි වලදී ලැබුණ කියල රනිෂ් 'සරෝජ් සමග සංදේශය' YouTube නාලිකාව එක්ක පසුගිය මාර්තු මාසේ කරපු සාකච්ඡාවේදී පැහැදිලිව කියනවා.
සමහර නොමිනිසුන්ගේ හැසිරීම් නිසාත්, රනිෂ් ගේ අවසාන කැමැත්තට ගරු කිරීමක් විදියටත් ඔහුගේ දේහය යුක්රේන භූමියේ සහෝදර සෙබළුන් සමග මිහිදන් කරන්න සොහොයුරිය තීරණය කරලා.
"හැමෝම කියනවා මල්ලිව ලංකාවට එක්ක එන්න කියල. ඒත් මම එක්කගෙන එන්නේ නෑ."

අවසන් කටයුතු
රනිෂ් ගේ අම්මා, අයෝනා සහ අයෝනා ගේ දියණිය රනිෂ් ගේ සිරුර දකින්න නියමිතව තියෙන්නේ ලබන සතියේ දිනයක. නමුත් ඒ දිනයත් වෙනස් වෙන්න ඉඩ තියෙනව. රනිෂ් සමුගන්න කලින්ම ඒ තුන් දෙනා යුක්රේනයට ඇවිල්ල හිටියේ.
අයෝනා කියන්නේ, මල්ලිගේ නිසල සිරුර දකින්න ලැබුණට පස්සේ හරි, ජීවිතය පවා තිත්ත වන තරමට මතුවන වේදනාව තරමක් දුරට හෝ සමහන් වේවි දෝ කියලත් හිතෙනවා කියල.
"මට හරීම වේදනයි. එයා ජීවත්වෙලා ඉඳිද්දී එයා මේ රට වෙනුවෙන් කරපු දේට වටිනාකමක් දුන්නේ ඔයා විතරයි," අයෝනා කිවුවේ රනිෂ් 'Sandeshaya by Saroj' නාලිකාව එක්ක කරපු සාකච්ඡාව සිහිපත් කරමින්.
(සරෝජ් පතිරණ)
Sandeshaya by Saroj
BBC හිටපු මාධ්‍යවේදී
09 December 2023
(ඡායාරූප - අයෝනා හේවගේ ගේ ෆේස්බුක් පිටුවෙන්)
සබැඳි පුවත් :
යුක්රේන යුධ බිමේදී අවසන් හුස්ම හෙළූ ලාංකික කපිතාන්වරයා ඇතුළු අනෙකුත් සෙබළුන් කවුද ?
යුද්ධයට එරෙහිව යුක්රේනයේ යුද වැදුණු ශ්‍රී ලාංකික සොල්දාදුවා යුද බිමේදී අවසන් ගමන් යයි