මිහින්තලා පුද බිමෙන් සියලුම ආරක්ෂක හමුදා අද සිට ඉවත් කර කර ගන්නා බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්

පාර්ලිමේන්තුවේදී පැවසීය.

මිහින්තලේ පුදබිමේ හමුදාව තැබීම නිසා මිහින්තලා රජමහා විහාරාධිපති හිමියන්ගේ ජීවිතයට තර්ජනයක් වන බවට උන්වහන්සේ මෙන්ම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කළ ප්‍රකාශයක් පදනම් කරගනිමින් මෙම තීරණය ගත් බවද ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

සිවිල් ඇඳුමින් මිහින්තලා පුදබිමේ සිටින දෙදෙනෙකු ගැන එහිදී චෝදනා කර ඇතැයි කී ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා, එම නිලධාරීන් යෙදවූයේ ඔක්තෝම්බර් 7 වැනිදායින් පසු රටේ ආවේක්ෂණ කටයුතු සඳහා ආගමික ස්ථාන, සංචාරක ආරක්ෂාව සඳහාත් නිලධාරීන් යෙදවීමට රජය ගත් තීරණයකට අනුව බවද ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් සඳහන් කළේය.

ඒ අනුව මිහින්තලා පුදබිමේ සිටි නාවික හමුදාවේ ද සිවිල් ආරක්ෂක බලකායේ සහ යුද හමුදාවේ භටයන් ද අද සිට ඉවත් කරගන්නා බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා කීය.

මෙහිදී අදහස් දක්වමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසූයේ එම තීරණය ඉතා අමනෝඥ තීරණයක් බවයි.

 

මිහින්තලා රජමහා විහාරයේ හමුදා ඇඳුමෙන් සැකකටයුතු දෙදෙනකු සිට ඇති හෙයින් ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තුවේදී ඊයේ ඉල්ලීමක් කළේය. මේ අය වලවාහැංගුණවැවේ ධම්මරතන මිහින්තලේ නායක ස්වාමීන් වහන්සේට හානියක් කිරීමට පැමිණි දෙදෙනෙකුදැයි සැකයක් මතුව ඇති බව ඔහු සඳහන් කළේය.

සබැඳි පුවත:

මිහින්තලේ විහාරයේ කරක් ගැසූ සැකකටයුතු දෙදෙනා කවුද ?


 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්