සෙනසුරාදා (දෙසැම්බර් 09) සිදුවූ ආකාරයේ විදුලි බිඳවැටීම් තුනක් මෙයට පෙර වර්ෂ තුනකදීද සිදුව ඇතත් ඒ සෑම අවස්ථාවකදීම මෙවැනි
බිඳවැටීම් වැළැක්වීමට මහජන උපයෝගීතා කොමිසම ඇතුළු ආයතන දුන් නිර්දේශ මේ දක්වා ක්‍රියාත්මකවී ඇතැයි විදුලි බල මණ්ඩල ආරංචි මාර්ග සඳහන් කළේය.
එම නිර්දේශ ක්‍රියාත්මක වූයේ නම් රට පුරා විදුලි බිඳවැටීමක් සිදු නොවනු ඇති බව විපක්ෂයේ දේශපාලන පක්ෂ සහ වෘත්තිය සමිති පවසති.
මෙවැනිම ආකාරයේ විදුලි බිඳ වැටීමක් මුල් වරට 2016 මාර්තු මාසයේදී සිදුව ඇතැයි එම ආරංචි මාර්ග පවසයි.
මේ අතර 2020 අගෝස්තු 17 වැනිදා කෙරවලපිටියේ සම්ප්‍රේෂණ පද්ධතියේ බිඳවැටීමක් හේතුවෙන් පැය හයකට අධික කාලයක් රටටම විදුලි විසන්ධි වූ බව පවසන එම ආරංචි මාර්ග, 2021 දෙසැම්බර් මස 3 වැනිදා කොත්මලේ සහ බියගම විදුලි පද්ධතියේ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් විදුලිය සැපයුම බිඳ වැටුණු බව සඳහන් කළේය.
රට පුරා සෙනසුරාදා සිදු වූ විදුලි බිඳවැටීමට හේතුව කොත්මලේ සිට බියගම දක්වා කොත්මලියේ දෙසට වන්නට අකුණු සැරක් වැදීමක් බව දැනට පවතින දත්ත අනුව පෙනීයන්නේ යැයි විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ඉංජිනේරු නොයෙල් ප්‍රියන්ත ප්‍රකාශ කළේය.
(lankadeepa.lk -සුජිත් හේවාජුලිගේ )
සබැඳි පුවත් :
විදුලිය බිඳවැටීමෙන් කෝටි 600 ක ආර්ථික හානියක් - JR පවසයි