දිවයින පුරා තැපැල් සේවකයින් ආරම්භ කළ සංකේත වැඩ වර්ජනය අද (11)ත් ක්‍රියාත්මක වෙයි.


ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ සම කැඳවුම්කරු චින්තක බණ්ඩාර පැවසුවේ, තැපැල් දෙපාර්තමේන්තුවට අයත් ගොඩනැගිලි විදේශීය සමාගම්වලට විකිණීමට විරෝධය පලකරමින් මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක බවයි.

දිවයින පුරා පිහිටි තැපැල් කාර්යාල 653ක සහ උප තැපැල් කාර්යාල 3,410ක සියලු සේවා කටයුතු අද දිනයේ ක්‍රියාත්මක නොවන බවත්, වැඩවර්ජනය සඳහා තැපැල් සේවකයින් 27,000ක් එක්ව සිටින බවත් ඔහු සඳහන් කළේ ය.

රුපියල් 20,000 ක දීමනාවක් ලබන ජනවාරි මාසයේ සිට රාජ්‍ය සේවකයින්ට ලබාදිය යුතු බවට බලකිරීම මෙම වැඩවර්ජනයේ තවත් අරමුණක් බව ද ඔහු සඳහන් කළේ ය. 

තැපැල් සේවකයින් ඊයේ පස්වරුවේ ආරම්භ කළ පැය 48ක සංකේත වැඩ වර්ජනය හේතුවෙන් තැපැල් ප්‍රවාහන කටයුතු සහ අද දිනයේ තැපැල් සේවා පැවැත්විමට අදාළ සියලු කටයුතු බිඳ වැටි ඇති බවද චින්තක බණ්ඩාර 'නෙත් නිව්ස්' වෙත පැවසිය. 

ඒ අනුව, අද දිනයේ දිවයින පුරා සියලු තැපැල් කාර්යාල වසා දමා ඇති බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ සම කැඳවුම්කරු චින්තක බණ්ඩාර වැඩිදුරටත් පැවසිය.

දිවයින පුරා තැපැල් සේවකයින් ඊයේ පස්වරු 4.00 සිට ආරම්භ කළ සංඛේත වැඩවර්ජනය හෙට මධ්‍යම රාත්‍රිය තෙක් ක්‍රියාත්මක වෙයි.


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්