ශ්‍රී ලංකාවේ ජනතාව සඳහා, ජනතාව අතර ජාතික සංවාදයක් ඇති කිරීමේ අරමුණින් පසුගියදා එළිදක්වන ලද “හිමාලයා ප්‍රකාශනය”

සම්බන්ධයෙන් ශ්‍රී ලාංකික ප්‍රජා නායකයින් දැනුවත් කරමින් විදේශගත ශ්‍රී ලාංකික දෙමළ ප්‍රජා නායකයින් සහ බෞද්ධ භික්ෂූන් වහන්සේ ඇතුළු දූත පිරිසක් රට පුරා සංචාරය කරමින් සිටිති. 

ඊයේ සවස් යාමයේ කොළඹ අගරදගුරු අති පූජ්‍ය මැල්කම් කාදිනල් රන්ජිත් මුණ ගැසුණු "යහපත් ශ්‍රී ලංකාවක් සඳහා වූ සංඝ සංසදය" නියෝජනය කරන එම භික්ෂුන් වහන්සේ සහ ගෝලීය ද්‍රවිඩ සංසදයේ (GTF) නියෝජිතයෝ කාදිනල් හිමියන්ට එම ප්‍රකාශනය භාර දී සිය  අරමුණු පැහැදිලි කළහ. 

නියෝජිත පිරිස ඉරිදා ජමියතුල් උලමා සංවිධානය ද මුණ ගැසුණේ ඉරිදා දහවල් කොළඹ දී සිවිල් සමාජ නියෝජිතයින් මුණගැසීමෙන් අනතුරුවය.

WhatsApp Image 2023 12 11 at 11.53.03 AM
 “සෑම කෙනෙකුටම අභිමානවත්ව, විශ්වාසයෙන් යුතුව සාමයෙන් සමාන අයිතිවාසිකම් භුක්තිවිඳිමින්, බියෙන් සැකෙන් තොරව ජීවත්විය හැකි ශ්‍රී ලංකාවක්," බිහි කිරීමේ අභිලාශය "හිමාලයා ප්‍රකාශනයේ" දැක්වේ. 

ජාතීන් අතර සංහිඳයාව හා ප්‍රතිසන්ධානය, ප්‍රජා සුබසාධනය සහ සංවර්ධන කේන්ද්‍රකරගත් කරුණු 06 කින් එම ප්‍රකාශනය සමන්විත වේ.

නියෝජිත පිරිස පසුගිය දෙසැම්බර් 07 වෙනි දින මුලින්ම ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමු වී එම ප්‍රකාශනය භාර දී අදහස් දැක්වූහ. 

ඉන් අනතුරුව මහනුවර බලා ගිය නියෝජිත පිරිස එහිදී තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල සියම් මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ මහනායක සහ වරකාගොඩ ශ්‍රී ඤාණරතන අස්ගිරි පාර්ශ්වයේ මහනාහිමිවරුන් බැහැදැක, එම ප්‍රකාශනය මහනායක හිමිපාණන් වහන්සේලා වෙත භාර දුන්හ.

ciuyw880237f8465873w
ගෝලීය ද්‍රවිඩ සංසදයේ ප්‍රකාශක බ්‍රිතාන්‍යයේ වෙසෙන සුරේන් සුරේන්දිරන්, භවාන් භබකුගන්, වේලු‍පිල්ලේ කුගනේන්ද්‍රන්, ඕස්ට්‍රේලියාවේ ආචාර්ය කේමුගුන්දන්, ප්‍රකාශ් රාජසුන්දරම්, කැනඩාවේ රාජ් තවරත්නසංහම්, ඇමෙරිකා එක්සත් ජනපදයේ ආචාර්ය ජෙයරාජා, යහපත් ශ්‍රී ලංකාවක් සඳහා වූ සංඝ සංසදයේ නියෝජිතයන් වූ අමරපුර නිකායේ මාදම්පාගම අස්සජි, සියඹලාගස්වැව විමලසාර, වාද්දුවේ පියරතන, මහාචාර්ය පල්ලේකන්දේ රතනසාර, කළුපහන පියරතන, කිතලගම හේමසාර, නාරම්පනාවේ ධම්මාලෝක, වලතර සෝභිත යන හිමිවරු සහ යුද්ධයෙන් අවතැන්වූවන්ගේ මා පිය, දූදරු සංගමයේ සභාපතිනි විශාඛා ධර්මදාස ද එම අවස්ථාවට එක්ව සිටියහ. 

ඉන් අනතුරුව මහනුවරදී මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ ගෝලීය දෙමළ සංසදයේ ප්‍රකාශක සුරේන් සුරේන්දිරන්, "මේ රටේ සියලු‍ ජාතින් ශ්‍රී ලාංකිකයන් එකතු වී මේ රට ගොඩනැගිය යුතු බව අප මහනායක හිමිපාණන් වහන්සේලා හමු වූ අවස්ථාවේ උන්වහන්සේලා අප හා පැවැසුවා," යනුවෙන් සඳහන කළේය. 

"මහනායක හිමිපාණන් වහන්සේලා ඉතා සුහදව අප සමග සාකච්ඡා කළා. උන්වහන්සේලා මේ තරම් සංවේදීව රටේ ප්‍රශ්න උතුරේ ජනතාවගේ ප්‍රශ්න ගැන අවධානය යොමු කර අවබෝධයෙන් පසු වීම ගැන අපගේ ප්‍රසාදය උන්වහන්සේලා වෙත පළ කරනවා. මේ රටේ සියලු‍ ජනතාව සමගියෙන් සහජීවනයෙන් ආගමික සංහිඳියාවෙන් ජීවත් වනු දැකීම තමන් වහන්සේලාගේ එකම අපේක්ෂාව බව ද පැවැසුවා."

WhatsApp Image 2023 12 11 at 11.53.03 AM 2
ඉන් අනතුරුව සෙනසුරාදා උතුරේදී උතුරේ ප්‍රජා සහ ආගමික නායකයින් මුණ ගැසුණු අන්තර් ආගමික දූත පිරිස නල්ලූර් කන්දසාමි කෝවිල ද වැඳ පුදා ගැනීමෙන් අනතුරුව හින්දු ප්‍රසාදීන් ට සහ යාපනයේ රදගුරු ජස්ටින් ඥානප්‍රගාසම්ට ද හිමාලයා ප්‍රකාශනය භාර දී සිය අරමුණු පැහැදිලි කළහ. 

ඉදිරි දිනවලදීත් දකුණේ දේශපාලන සහ ප්‍රජා නායකයින් මුණ ගැසීමට දෙමළ ඩයස්පෝරා සහ යහපත් ශ්‍රී ලංකාවක් සඳහා වූ සංඝ සංසදයේ නියෝජිත පිරිස බලාපොරොත්තු වෙති.

hima 8765hima 9284293
ඇමතිකමක් කරන්න උපාධියක් ඕනෙද? - (සරෝජ් පතිරණ)(සරෝජ් පතිරණ)
Sandeshaya by Saroj
BBC හිටපු මාධ්‍යවේදී
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

සබැඳි පුවත් :
'හිමාලයා ප්‍රකාශනය' ජනපතිට පිළිගන්වයි


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්