රට ආර්ථික වශයෙන් බංකොලොත්භාවයට පත් කිරිම සම්බන්ධයෙන් දේශපාලඥයින් ප්‍රශ්නවලට මුහුණ දුන්න ද ඊට සම්බන්ධ නිලධාරියකු නිදහසේ සිටින බවට කම්කරු හා විදේශ රැකියා අමාත්‍යවරයා චෝදනා කර තිබේ.
“මේ රට කඩාගෙන වැටුන එකට පී.බී. ජයසුන්දරට ආර්ථික ඝාතකයා කියලා කිව්වා. විමල් වීරවංශ තමයි ඒක කියන්න පටන් ගත්තේ. හැබැයි එතුමා අද හොදට ඉන්නවා. උසාවියෙන් නඩු දාලා, ප්‍රශ්ණ වෙලා තියෙන්නේ කාටද? ඒ ප්‍රශ්ණ වෙලා තියෙන්නේ දේශපාලඥයින්ට. හැබැයි ඔය කියපු ආර්ථික ඝාතකයා කිසිම ප්‍රශ්ණයක් නැතිව ඉන්නවා.”
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් සංක්‍රමණිකයින් පිළිබදව වන ජාත්‍යන්තර ආයතනයේ සහාය ඇතිව ගාල්ලේදී පැවති මනුසවි දිරිය වැඩසටහනට එක්වෙමින් මනූෂ නානායක්කාර ඇමැතිවරයා මේ බව කියා සිටියේය.
රටේ සිටිනුයේ ඉතාම සුළු ප්‍රමාණයක් බව පෙන්වා දෙන ඇමැතිවරයා රට දියුණු තත්වය පත් කිරීමට ව්‍යවසායකයින්ගේ ප්‍රමාණය ඉහල දමා ගත යුතු බවයි යෝජනා කරන්නේ.
අතීතයේ කොරියාව දුගී භාවයෙන් මිදුන ආකාරය උදාහරණයට ගනිමින් මනූෂ නානායක්කාර ඇමැතිවරයා ඒ බව පැහැදිලි කළේය.
“88- 89 කාලයේදී කොරියාව ආර්ථික වශයෙන් කඩාගෙන වැටුනා. ඒ රටේ ජනතාව රස්සා හොයාගෙන මැදපෙරදිග රටවලට ගියා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබාගන්න ඕන තැනට ගියා. පිටරටවලට ගියපු අය මූලික ධනයක් අරගෙන ඇවිත් තමන්ගේ රටට ආවා. ධනයත් එක්ක දැනුම අරගෙන ආවා. ඇවිත් නිෂ්පාදන ආරම්භ කළා. අද කොරියාව මහා විශාල කර්මාන්ත පුරයක් බවට පත් වෙලා තියෙන්නේ විදේශ රටවලට ගිය අය තමන්ගේ රටට ඇවිත් ආරම්භ කළ ව්‍යාපාරවලින්. කොරියාවු අවුරුදු 30කට කලින් මුහුණ දුන්න වගේ තත්වයකට තමයි ලංකාව අද මුහුණ දෙන්නේ.”
වද කොත්තු, වද යට ඇදුම්වල වෙනත් ස්වරූපය
මුස්ලිම් විරෝධයක් මවා පාමින් සිංහල ජනයාගේ ඡන්ද ලබා ගත් ආකාරයටම ඇතැම් පිරිස් වෙනත් ස්වරුපයකින් මුස්ලිම් ඡන්ද ලබා ගැනිමේ උත්සාහයක නිරතවන බවද අමාත්‍යවරයා මෙහිදි කියා සිටියේය.
මෙරට තරුණ තරුණයින් ඊශ්‍රායලයේ රැකියා සඳහා යැවීමට විරෝධය දක්වන්නේ ඒ අරමුණින් බවටයි කම්කරු හා විදේශ රැකියා අමාත්‍යවරයා චෝදනා කරන්නේ.
“වද කොත්තු, වද යට ඇදුම් කියලා මුස්ලිම් ජනතාව කොන් කරලා සිංහල ජනතාවගේ ඡන්ද ගන්න උගුල් ඇටවීමට උත්සාහ කළා වගේම තවත් කණ්ඩායම් වෙනත් ස්වරුපයකින් ඇවිත් මුස්ලිම් ඡන්ද ගන්න අලුත් ස්වරූපයකින් ඇවිත් තියෙනවා. මුස්ලිම් ජනතාව රවට්ටන්න හදනවා.”
එම පිරිස් එසේ විරෝධය දක්වන්නේ පටු දේශපාලන අරමුණු සහිතව බව කී මනූෂ නානායක්කාර ඇමැතිවරයා,“අපේ දරුවන් හම්බකරගෙන ඇවිත් ව්‍යවසායකයින් වෙලා කාගේවත් ටකරම් කොලයට යට නොවූ නැගි සිටීවී කියන බය තමයි මේ අයට තියෙන්නේ. වැලිසිකිළි කටට, ටකරම් කොලයට,ආණ්ඩුවේ රස්සාවට තරුණයින් යට කරන්න බැහැ. ඒ නිසා තමයි පටු දේශපාලනයක් බලාගෙන ඉන්න මේ අය තරුණයින්ට ඊශ්‍රායලයේ රැකියා අවස්ථා ලැබෙන විට ඒවාට විරුද්ධ වන්නේ.” යැයි වැඩිදුරටත් කියා සිටියේය.