ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් සමගි ජන බලවේගයේ බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී වඩිවෙල් සුරේෂ්,
බදුල්ල සහ පස්සර ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවල සම සභාපතිවරයා ලෙස පත්කර තිබේ.
ඒ අනුව බදුල්ල දිස්ත්‍රික්කයේ පස්සර සහ ලුණුගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ වල රජය විසින් ක්‍රියාත්මක කරන සියලුම සංවර්ධන කටයුතු අධීක්ෂණය කිරීමේ වගකීමද වඩිවෙල් සුරේෂ් වෙත පැවරෙන බව ජනාධිපති කාර්යාලය පවසයි.
ජනාධිපතිවරයා විසින් උඩරට දෙමළ ජනතාව ශ්‍රී ලාංකේය සමාජයට පූර්ණ ලෙස ඒකාබද්ධ කිරීම පිළිබඳ ජනාධිපති උපදේශකවරයා ලෙස පසුගිය 07 දා පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් පත්කරනු ලැබිය.
අයවැය දෙවැනිවර කියවීමේ ඡන්ද විමසීමේදී ඊට පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීම හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවෙල් සුරේෂ් සමගි ජන බලවේගයේ (SJB) පස්සර ආසනයේ සංවිධායක ධුරයෙන් ඉවත් කරනු ලැබිය.