ඉදිරියේදී හදන ආණ්ඩුවේ ඇමති සිහින දකින දෙතුන් දෙනෙක් නිදහස් ජනතා සභාවේ ද සිටිය හැකි බව නිදහස් ජනතා සභාවේ විධායක කමිටු
සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා පැවසීය.
ඔහු එබව කියා සිටියේ, නාවල පිහිටි නිදහස් ජනතා සන්ධාන කාර්යාලයේදී අද (18) පැවැති මාධ්‍ය හමුවේදීය.
නිදහස් ජනතා සභාවේ මන්ත්‍රීවරු දහතුන්දෙනාම එකම සන්ධානයකට එකතු වීම පිළිබඳ ජනාධිපති රනිල් වික්‍රමසිංහ බියකින් පසුවන බවත්, ඒ හේතුවෙන් නිදහස ජනතා සන්ධානය බෙදා වෙන්කිරීමේ උත්සහයක නිරතව සිටින බවත් ඔහු එහිදී පැවසිය.
නිදහස් ජනතා සභාව තුළ මත ගැටුම් තිබුණ ද රනිල් - රාජපක්‍ෂ ආණ්ඩුව පන්නා දැමීමට විපක්‍ෂයේ බලවේග සමඟ සන්ධානගතවීමට ඕනවට වඩා කල්මැරීම යහපත් නොවන බව ඩිලාන් පෙරේරා එම මාධ්‍ය හමුවේදී අවධාරණය කළේය.