මත් ද්‍රව්‍ය ජාවාරම් චෝදනා මත බූස්ස බන්ධනාගාරයේ සිටින සැකකරුවකු මත්ද්‍රව්‍ය ජාවාරමෙන්
මිලදී ගත් කහතුඩුව මූණමලේවත්ත ප්‍රදේශයේ පිහිටි කෝටි දහයකට ආසන්න වටිනාකමින් යුත් දේපල තොගයක් තම භාරයට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ නීති විරෝදී වත්කම් විමර්ශන කොට්ඨාසය පවසයි.
පොලිසියට ලැබුණු තොරතුරු මත සිදුකළ විමර්ශණයේදී මෙම දේපල උපයා ගත් ආකාරය පිළිබදව හෙළිදරව් කිරීමට අදාල නිවසේ හිමිකාරිය අසමත් වූ බැවින් එම සැකකාරිය ද අත් අඩංගුවට ගත් බවද එම කොට්ඨාසය කියා සිටියි.
ඒ අනුව කහතුඩුව මූණමලේවත්ත ප්‍රදේශයේ පිහිටි දෙමහල් නිවසක් සූඛෝපභෝගී මෝටර් රථයක් ඉඩම් දෙකක් සහ කිරිවත්තුඩුව ඉරිදා පොළ ප්‍රදේශයේ පිහිටි තෙමහල් ගොඩනැගිල්ලක් ද තම බාරයට ගත් බවද එම ඒකකය පවසයි.

ගතවූ පැය 24 තුල 'යුක්ති' මෙහෙයුමේ ප්‍රතිපල :
'යුක්ති' මෙහෙයුම යටතේ දෙසැම්බර් 19 දින පැය 0030 සිට දෙසැම්බර් 20 වන දින පැය 0030 දක්වා කාලය තුල සිදුකරන ලද විශේෂ මෙහෙයුමේදී පහත මත්ද්‍රව්‍ය ප්‍රමාණයන් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පවසයි.
හෙරොයින් 1kg 170g
අයිස් 648g
ගංජා11kg 600 g
හෂීෂ් 253g
මාවා 46kg 285g
ඈෂ් 73g
කුෂ් 90g
තූල් 831g
මත්පෙති 19507 ක්
ගංජා පැල 126060 ක්
මෙහෙයුමේදී මුලු සැකකරුවන් 2296 ක් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඉන් සැකකරුවන් 109 ක් සම්බන්ධව රැදවුම් නියෝග මත විමර්ශන සිදුකරනු ලබයි.
එසේම, සැකකරුවන් 14 දෙනෙකු සම්බන්ධයෙන් වත්කම් විමර්ශන ආරම්භ කර ඇති අතර, පුනරුත්ථාපනය සදහා පුද්ගලයන් 184 දෙනෙකු යොමු කර ඇත.
එසේම, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ විශේෂ කාර්යංශය ලේඛනගත සැකකරුවන්ගේ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 218 දෙනෙකු මෙදින මෙහෙයුමේදී අත්අඩංගුවට ගෙන තිබේ.
(මුලාශ්‍රය - lankadeepa.lk)