ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අමාත්‍යාංශ 10ක් සඳහා නව අමාත්‍යාංශ ලේකම්වරුන් දසදෙනෙකු
සහ පළාත් 02ක් සඳහා ප්‍රධාන ලේකම්වරුන් දෙදෙනෙකු අද (22) දින පත්කරනු ලැබූ අතර මෙම පත්වීම් 2024 ජනවාරි මස 01 වැනි දින සිට ක්‍රියාත්මක වේ.
ජනාධිපතිවරයා විසින් පත්කරනු ලැබූ නව අමාත්‍යංශ ලේකම්වරුන් මෙසේය.
1- ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් අමාත්‍යාංශ ලේකම් - ඒ. සී. මොහොමඩ් නෆීල්
2- රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පලන අමාත්‍යාංශ ලේකම් - ඩබ්. පී. පී. යසරත්න
3- වාරිමාර්ග අමාත්‍යාංශ ලේකම් - සමන් දර්ශන පාඬිකෝරාල
4- අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් - වසන්තා පෙරේරා
5- අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ ලේකම් - එන්. එම්. රණසිංහ
6- වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් - ගුණදාස සමරසිංහ
7- පරිසර අමාත්‍යාංශයේ ලේකම් - බී. කේ. ප්‍රභාත් චන්ද්‍රකීර්ති
8- විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් - ආචාර්ය සුලක්ෂණ ජයවර්ධන
9- ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් - ඉංජිනේරු රංජිත් රූබසිංහ
10- තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් - ධර්මශ්‍රී කුමාරතුංග
ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් උතුරු මැද පළාත් ප්‍රධාන ලේකම් ලෙස ආර්. එම්. ඩබ්. එස්. සමරදිවාකර ද, බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් ලෙස එස්. එල්. ඩී. කේ. විජයසිංහ මහත්මිය ද පත් කර ඇත.
අමාත්‍යාංශ 10ක් සඳහා අද (22) පත්කෙරුණු නව ලේකම්වරුන් දසදෙනා සහ පළාත් 02ක් සඳහා පත්කෙරුණු ප්‍රධාන ලේකම්වරුන් දෙදෙනා ජනාධිපති ලේකම් සමන් ඒකනායක සමඟ සමූහ ඡායාරූපයකට පෙනී සිටි අයුරු
අමාත්‍යාංශ 10ක් සඳහා අද (22) පත්කෙරුණු නව ලේකම්වරුන් දසදෙනා සහ පළාත් 02ක් සඳහා පත්කෙරුණු ප්‍රධාන ලේකම්වරුන් දෙදෙනා ජනාධිපති ලේකම් සමන් ඒකනායක සමඟ සමූහ ඡායාරූපයකට පෙනී සිටි අයුරු