ලංකාවේ පුවත්පත් කලාව තුළ සක්‍රීය ව සිටින ජ්‍යෙෂ්ඨතම ගෞරවණීය මාධ්‍යවේදියා වූ සිරි රණසිංහයන්

අද (22) ලංකාදීප කර්තෘ ධූරයෙන් විශ්‍රාම ගෙන තිබේ.

මාධ්‍යවේදියෙක් ලෙස ඔහු 63 වසරක් සේවය කර තිබිණි. ඉන් 33 වසරක් ගත කළේ රටේ ප්‍රධානම පුවත්පත වූ ලංකාදීප කර්තෘවරයා ලෙසය.  

සිරි රණසිංහ යනු මෑත ඉතිහාසයේ සමාජ දේශපාලන විචලනයන් සජීවිව අත් විඳි ඉතිහාසය ගමන් කළ ආකාරය අත්දකිමින් මාධ්‍ය ක්ෂේත්‍රයේ සක්‍රීයව සිටි ජීවමාන පුරාවෘතය යි.


සිරි රණසිංහයන් සිය මාධ්‍ය දිවියෙන් විශ්‍රාම යන්නේ එකම පුවත්පතක තිස්තුන් වසරක් අඛණ්ඩව කර්තෘත්තරවය දැරූ ශ්‍රි ලංකා මුද්‍රිත මාධ්‍ය වංශ කථාවේ පළමුවැනියා ලෙසය.


පුරා වසර 33ක් දිනපතා ලංකාදීප පුවත්පතේ කර්තෘත්වය දැරූ සිරි රණසිංහ, තමන් කර්තෘත්වය දැරූ පුවත්පත අඛණ්ඩව වසර දාහතක් ලංකාවේ ජනප්‍රියම පුවත්පත බවට පත් කරමින් පවත්වාගෙන ගියේය.

වර්ෂ 1961 සිරි රණසිංහයන් ලේක්හවුස් ආයතනයට පැමිණෙන විට හමුවන රංජිත් විජයවර්ධනයන් සමග එක් වී වර්ෂ 1991 සැප්තැම්බර් මාසයේ 11 වැනිදා නැවත වරක් ලංකාදීප පුවත්පත ආරම්භ කළ දා සිට අද වනතුරු එහි කර්තෘවරයාව සිටියේ සිරි රණසිංහයන්ය. ශ්‍රී ලංකා පුවත්පත් කලා ඉතිහාසය මේ ආකාරයෙන් වර්ණනය කළ වෙනත් අයෙක් නැත.

සිරි රණසිංහයන් ලංකාදීප පුවත්පතේ කර්තෘත්වය දරමින් සිදුකළ  33 වසරක මාධ්‍ය මෙහෙවර ඇගයීමේ උත්සවක් පෙරේදා (20) ශ්‍රී ලංකා  පදනම් ආයතනයේදී  ‘‘සිරි අසිරි‘‘ නමින් පැවැත්විනි.

(lankasara.com)

 
සබැඳි ලිපි :
යුග තුනක මාධ්‍ය යාත්‍රිකයා සිරි රණසිංහ - (කුමාරදාස ගිරිබාව)

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්