හුස්ම ගැනීමට අපහසු තත්ත්වයෙන් සහ පෙනහළු ආසාදිත තත්ත්වයකින් මහනුවර ජාතික රෝහලට ඇතුළත් කළ පුද්ගලයකු මියගොස් ඇති බවත්

ඔහුගේ මරණයෙන් පසු සිදු කළ පී.සීආර්. පරීක්ෂණයේදී ඔහු කොවිඩ් ආසාදිතයකු බවට තහවුරු වී ඇති බවට මහනුවර ජාතික රෝහල් ආරංචි මාර්ග තහවුරු කරයි .

එසේ මියගොස් ඇත්තේ ගම්පොළ ඇත්ගාල ප්‍රදේශයේ 65 හැවිරිදි පුද්ගලයෙකි.

කොවිඩ් වසංගතය හමාරවීමෙන් දිගු කාලයකට පසු මෙම මරණය වාර්තා වීම විශේෂ සිදුවීමකි .

මේ වන විට රට තුළ ඔමික්‍රෝන් ජේ.ඒ 1 (JN.1 ) වයිරසය පැතිර යමින් තිබෙන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා, ප්‍රතිශක්තිවේද සහ ශෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී මහාචාර්ය චන්දිම ජීවන්දර තහවුරු කරයි .

පසුගිය සති 4ක කාලය තුළ ගෝලීය කොවිඩ් ආසාදිතයින් ගණන 52%කින් ඉහළ ගොස් ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ගතවූ කාලය තුළ කොවිඩ් රෝගීන් 850,000ක් හඳුනාගෙන ඇති අතර 3,000ක් පමණ මියගොස් ඇති බවයි.

ඒ අනුව මරණ අනුපාතය 8%කින් ඉහළ ගොස් ඇත.


ලොව පුරා පැතිර යන කොවිඩ් ප්‍රභේදය ශ්‍රී ලංකාවේ ඇත්දැයි සැකයක් !


ඉන්දියාව, බ්‍රිතාන්‍ය ඇතුලු ලොව පුරා රටවල් රැසක සීඝ්‍රයෙන් පැතිර යමින් ඇති ඔමික්‍රෝන් ඛාණ්ඩයේ නව කොවිඩ් ප්‍රභේදය මෙරට ප්‍රජාව තුළ පවතින බවට තමන් අනුමාන කරන බව මහාචාර්ය චන්දිම ජීවන්දර පවසයි.

පසුගිය කොරෝනා සමයේ කොවිඩ් වෛරසය පැතිරීම සම්බන්ධයෙන් පරීක්ෂණ රැසක් සිදුකළ ප්‍රධානතම පර්යේෂකයාවූ මහාචාර්ය චන්දිම ජීවන්දර මෙම අදහස් පළ කර ඇත්තේ සිය එක්ස් ගිණුමේ සටහනක් තබමිනි.


Chandima Jeewandara X 2023
මේවනවිට ශ්‍රී ලංකාව තුළ කොරෝනා පරීක්ෂණ සිදුකිරීම පවතින්නේ ඉතා අඩු මට්ටමකය.

එබැවින් ශ්‍රී ලංකාව සිටින්නේ කුමන් තත්ත්වයකදැයි නිශ්චිතව ප්‍රකාශ කළ නොහැකි බව මහාචාර්ය චන්දිම ජීවන්දර 'නෙත් නිව්ස්' වෙත පැවසිය.

එමෙන්ම මේවනවිට සමාජය තුළ ඉන්ෆ්ලුවන්සා වැනි රෝග වාර්තා වීම වැඩිවීමක් නිරීක්ෂණය වන බැවින් නව කොවිඩ් උප ප්‍රභේදය වන ජේ එන් වන් වෛරසය මේවනවිටත් ශ්‍රී ලංකාව තුළ පවතින බව තමාගේ අනුමානය යැයි ඔහු කියා සිටියේය.

 ඉන්දියාවෙන් වාර්තා වන කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව ඉහළ යමින් ඇති බැවින් මෙරට ජනතාව ද ඒ සම්බන්ධයෙව් අවධානයෙන් පසුවිය යුතු බවත්, කොරෝනා වෛරසය සෙම්ප්‍රතිශ්‍යාව තරම් සරල නොවන බවත් මහාචාර්ය චන්දිම ජීවන්දර තවදුරටත් පැවසිය.


එබැවින් සංවෘත සහ ජනාකීර්ණ පරිසරයක වෙසෙන ජනතාව මේ සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කළ යුතු බවත්, උණ, කැස්ස, ගඳ සුවඳ නොදැනීම, හුස්ම ගැනීමේ අපහසුතා, තෙහෙට්ටුව, ආහාර ගැනීමට නොහැකි වීම, සහ වමනය වැනි රෝග ලක්ෂණ පවතින්නේ නම් වහාම වෛද්‍ය උපදෙස් ලබාගන්නා ලෙස ද මහාචාර්ය චන්දිය ජීවන්දර ජනතාවට දැනුම් දී සිටියි.

අවධානම් කාණ්ඩයේ පසුවන පුද්ගලයින් එම වෛරසය ආසාදනය වීමෙන් දැඩි ලෙස රෝගාතුර විය හැකියි.

එමෙන්ම හෘදයාබාධ, ආඝාත තත්ත්වයන් මෙන්ම මානසික ගැටළු ඇතිවීමේ අවදානම මෙන්ම ඒ හරහා දිගු කාලීන සෞඛ්‍ය බලපෑම් ද ඇතිවිය හැකි බව මහාචාර්ය චන්දිය ජීවන්දර යළි ජනතාවට සිහිපත් කරයි.

මීට පෙර පැවැති කොවිඩ් වසංගත තත්ත්වය සාර්ථකව පාලනය කළ ශ්‍රී ලංකාව, නිරන්තර සූදානමින් පසුවන බැවින් රටේ සෞඛ්‍ය පද්ධතිය අවදානමක නොමැති බව ඔහු පැවසිය.

 කෙසේවෙතත් වැඩිහිටි හෝ වෙනත් අවදානම් කාන්ඩවල පසුවන පුද්ගලයින් මෙන්ම ප්‍රතිශක්ති මට්ටම දුර්වල තත්ත්වයේ පසුවන පුද්ගලයින් පූර්ව සූදානමක් ලෙස මුව ආවරණ පැළඳීම වඩාත් සුදුසු බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා, ප්‍රතිශක්තිවේද සහ ශෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී මහාචාර්ය චන්දිම ජීවන්දර වැඩිදුරටත් කියා සිටියි.


වෛද්‍ය අංශ සීරුවෙන්


පවතින තත්ත්වය සම්බන්ධයෙන් කල විමසීමකදී සෞඛ්‍ය අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීයෙකු පැවසුවේ නව කොවිඩ් උප ප්‍රභේදය වන ජේ එන් වන් වෛරසය රට තුළට පැමිණීමේ අවදානමක් පවතින බවයි.

කෙසේවෙතත් වෛරසය මේ වන විටත් රට තුළට ඇතුලුවී ඇත් ද, නැතහොත් පැතිරෙන්නේ ද යන්න සම්බන්ධයෙන් තහවුරු කළ හැකි නිල වාර්තා නොමැති බව ඔහු සඳහන් කළේය.

එහෙත් මතුවිය හැකි ඕනෑම තත්ත්වයකට මුහුණ දීම සඳහා සෞඛ්‍ය අංශ සූදානමින් සිටින බව සෞඛ්‍ය අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.


සබැඳි පුවත් :
JN.1 කොවිඩ් ප්‍රභේදය: ශ්‍රී ලංකාවට ඇතුළුවෙලා ද?


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්