ශ්‍රී ලංකාවේ පුද්ගලයින් 31,000ක් පමණ මරණයට පත් වී තවත් පුද්ගලයින් 4000ක් පමණ අතුරුදහන් වූ සුනාමි ව්‍යසනය සිදු වී අදට වසර 19ක්

සම්පුර්ණ වේ.

ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්තාවන්ට අනුව සුනාමියෙන් සිදු වූ මුළු අලාභයේ වටිනාකම ඇමෙරිකානු ඩොලර් බිලියනයකි.

යළිත් සුනාමි තත්ත්වයක් ඇති වුවහොත් ජනතාවට ඉවත් වීම සඳහා අනතුරු ඇඟවීමට සුනාමි කුළුණු ඉදිකිරීමට රජය පියවර ගන්න ලදී.


නමුත් සුනාමියෙන් වසර 19ක් ගතවන විට එම කුළුණු 77කින් 57ක් අක්‍රීය තත්ත්වයට පත්ව තිබේ.


මේ අතර ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසන්නේ ආපදා තත්ත්වයන් වල දී ජනතාවට ඉවත් කිරීමට අවශ්‍ය වුවහොත් එම පණිවුඩය ජංගම සහ ස්ථාවර දුරකථන හරහා ලබා දෙන ක්‍රමවේදයක් අද සිට ආරම්භ කරන බවය.
 

 ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසන්නේ ආපදා තත්ත්වයන් වල දී ජනතාව ඉවත් කිරීමට අවශ්‍ය වුවහොත් එම පණිවුඩය ජංගම සහ ස්ථාවර දුරකථන හරහා ලබා දෙන ක්‍රමවේදයක් අද සිට ආරම්භ කරන බවය.


සුනාමි සැමරුම පැරෑලියේදී - සිහිකිරීමට මිනිත්තු දෙකක නිහඬතාවක්


ජාතික සුරක්ෂිත දිනය අදට(26) යෙදී ඇත.  මෙරට සුනාමිය ඇතිවූයේ 2004 දෙසැම්බර් 26 දාය.

මේ අනුව සුනාමි ව්‍යසනයෙන් සහ අනෙකුත් ආපදා හේතුවෙන් මියගිය ජනතාව සිහිපත් කිරීම සඳහා දිවයින පුරා අද (26) පෙරවරු 9.25සිට පෙරවරු 9.27 දක්වා විනාඩි දෙකක නිශ්ශබ්දතාවක් පවත්වන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටි.

ජාතික සුරක්ෂිත දිනය සර්වාගමික වතාවත් වලට මුල් තැන දෙමින් සැමරීමට රජය තීරණය කර ඇත.

ප්‍රධාන සැමරුම් උත්සවය පැරැලිය සුනාමි ස්මාරකය අබියසදී ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් ගේ ප්‍රධානත්වයෙන් අද (26) පෙරවරු 8.30 සිට පැවැත්වේ. මෙම උත්සවයට ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ජනරාල්( විශ්‍රාමික) කමල් ගුණරත්න සහ ත්‍රිවිධ හමුදා ප්‍රධානීහු සහ නිලධාරීහු සහභාගි වෙති.

(මුලාශ්‍රය - BBC සිංහල සේවය)

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image