සිය 15 හැවිරිදි දියණිය අපයෝජනය කල පොලිස් සැරයන්වරයෙකුව නාරම්මල පොලීසිය විසින් ඊයේ අත්අඩංගුවට ගෙන ඇත.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයේ සේවයේ නිරතව සිටි පොලිස් සැරයන්වරයෙකි.

නාරම්මල දෙමටගහවෙල පදිංචි මෙම පොලිස් සැරයන්වරයා දියණිය අපයෝජනය කර ඇත්තේ 2022 මාර්තු 03 වෙනිදා බව පොලීසිය කියයි.

මේ සම්බන්ධයෙන් තොරතුරු පොලීසියට ලැබී ඇත්තේ දැරිවිය විසින් ඒ බව මෑතකදී වෛද්‍යවරයෙකුට පැවසීමත් සමගිනි.

Oxford ‍” ශබ්ද කෝෂයට අනුව ළමා අපයෝජනය යනු ළමයින් කෙරෙහි අනර්ථයක් සිදුවන ආකාරයෙන් සැළකීම හෝ ක්‍රියා කිරීමයි. මෙහිදි ශාරිරික වශයෙන් ළමයින්ට සිදුකරනු ලබන ප්‍රචණ්ඩ ක්‍රියාවන් හා ලිංගික අතවර මුල් තැනක් ගෙන අවධාරණය කර ඇත.


ලිංගික අධ්‍යාපනය අත්‍යවශ්‍ය ය


නීතිය සංශෝධනය කරනවා සේම, ළමා කාලයේ දීම නීතිය පිළිබඳ අධ්‍යාපනය හා ලිංගික අධ්‍යාපනය ලබාදීම හරහා ද ලිංගික හිංසන සිදුවීම හා සිදුකිරීම තරමක් දුරට වළක්වාගත හැකිබව විවෘත විශ්වවිද්‍යාලයයේ අපරාධ නීතිය පිළිබඳ හිටපු බාහිර කථිකාචාර්ය නීතීඥ දර්ශන කුරුප්පු BBC සිංහල සේවයට ප්‍රකාශ තිබිණ.

"ලංකාව වගෙ රටක මම දකින ලොකුම දුර්වලතාවය තමයි, ලිංගික අධ්‍යාපනය ගැන බියසුළුබවක් දැක්වීම. ඒ කියන්නෙ ළමයින්ට ලිංගික අධ්‍යාපනය ලබා නොදීම. දැන් ලෝකෙ අනිත් රටවල්වල, ඒ ඒ නිසි වයසෙ දි, ඒ ඒ නිසි ප්‍රමාණෙට ලිංගික අධ්‍යාපනය ලබා දෙනවා. [නමුත්] ලංකාවෙ වෙන්නේ, ලිංගික අධ්‍යාපනය ලබා නොදීමත් එක්ක, අවුරුදු 18 නෙවේ සමහර විට විවාහක පිරිමි හා ගැහැණු පවා මේ ලිංගිකත්වය සම්බන්ධයෙන් ඉතාම යල් පැනපු මත තියෙන්නෙ. ඔවුන්ට අත්දැකීමක් නෑ, අවබෝධයක් නෑ, ඒ නිසා ඔවුන් අතවරයට ලක්වෙන අවස්ථා වැඩියි."

උදාහරණයක් ලෙස, "අපි ගත්තම, අවුරුදු 16කට අඩු ගෑණු ළමයෙක් එක්ක අවුරුදු 16ක පිරිමි ළමයෙක් කැමැත්තෙන් ලිංගිකව එකතුවුණත් ඒක 'රේප්' [විදියට තමයි ගණන් ගැනෙන්නේ]. එතකොට අර පිරිමි ළමයත් තවම ඉස්කෝලෙ යන ළමයෙක්. සමහර විට ඒක ආදර සබඳතාවයක් මත සිදුවෙන්නේ. හැබැයි ඔවුන්ට ලිංගික අධ්‍යාපනය යි, ඒ හා සම්බන්ධ නීතිය යි දැනගෙන හිටියා නම්, මේවා සිදුවෙන එක බොහෝදුරට වලක්වාගන්න පුළුවන්."

එමෙන්ම, කුඩා දරුවන්ට ඔවුන්ගේ සිරුර ගැනත්, ඔවුන්ගේ සිරුර හා ලිංගික අවයව ස්පර්ශ කිරීමට අවසර ඇත්තේ කාට ද යන්නත්, යහපත් හා අයහපත් ස්පර්ශය කුමක්දැ යි යන්නත් උගන්වන ලිංගික අධ්‍යාපනය මඟින්, දරුවන් අපයෝජකයින්ට ගොදුරුවීම බොහෝදුරට වළක්වාගැනීමට හැකි ය.

"විශේෂයෙන්ම ළමා අපචාර ගත්තහම, ළමයෙක් තමන්ට අතවරයක් සිදුවනබවවත් දන්නෙ නෑ. මොකද අපි ලිංගික අධ්‍යාපනය ලබාදෙන්නෙ නෑනේ. අපි ළමයින්ට උගන්නන්නෙ නෑ ඔහුගේ හෝ ඇයගේ ලිංගික අවයව මොනවා ද, ඒවා අල්ලන්න පුළුවන් කාට ද [කියන එක] - ඒ අධ්‍යාපනය ලබාදුන්නා නම්, ළමයා ඒ සම්බන්ධයෙන් දැනුවත්වෙලා හැකි ඉක්මණින් පැමිණිල්ලක් කරනවා. මේකෙ වෙලා තියෙන්නෙ, එහෙම අවබෝධයක් නැති නිසා ළමා අපයෝජන වැඩිවෙලා තියෙනවා," නීතීඥ කුරුප්පු පවසයි.

එසේම, "අපේ [ලිංගික] අධ්‍යාපනය නැති නිසා මේ සමාජයේ, ලිංගික අතවරයට පත්වෙච්ච වින්දිතයෙක් දිහා බලන්නෙ ලිංගිකත්වය විකුණනකෙනෙක් දිහා බලන විදියට. මේ අර අධ්‍යාපනය නැතිකමේ ආකල්පය තමයි," ඔහු පෙන්වා දෙයි.

9712 hinsana                  ලිංගික හිංසනය නොයෙක් ආකාරයෙන් සිදුවිය හැකි ය


ඔබ ලිංගික හිංසනයකට ලක්වී ද?


ඔබ ලිංගික හිංසනයකට ලක්වී නම් වහාම පොලීසියට පැමිණිලි කළ යුතු ය. මේ සඳහා අදාළ පොලිස් ස්ථානයේ කාන්තා හා ළමා ඒකකයට යොමුවිය හැකි ය.

"ළඟම තියෙන පොලීසියට පැමිණිල්ලක් කරපුවාම ඒ පොලීසියෙන් පැමිණිල්ල සටහන්කර ගෙන විමර්ශනය ආරම්භ කරනවා. ඊළඟට කරන්නෙ අතවරයට ලක්වූ ළමයව හෝ කාන්තාව හෝ පිරිමිකෙනාව රෝහලට යවනවා, ඒකට දෙනවා 'අධිකරණ වෛද්‍ය පරීක්ෂණ පෝරමය' කියලා [ෆෝම් එකක්]. ඒකත් අරගෙන රෝහලට ඇඩ්මිට්වුණාම, රෝහලෙන් වෛද්‍යවරයා පස්සෙ වාර්තාවක් උසාවියට එවනවා [මේ තැනැත්තා] අතවරයට ලක්වෙලා ද නැද්ද [කියන එක] සහ එයාගෙ මතය සම්බන්ධයෙන්.

"ඊට පස්සෙ පොලිසිය කවුරුහරි ඔය අතවරයට ලක්වීම දන්නා අය[ගෙන්] සාක්ෂි විමර්ශනය කරනවා, අපරාධය සිදුවුණු ස්ථානයට යනවා," ඔහු පැහැදිලි කළේ ය.


පොලීසිය පැමිණිල්ල භාර නොගන්නේ නම් ළමාරක්ෂක අධිකාරියට පැමිණිලි කිරීමට හැකි ය.
 
ඔබ හෝ ඔබ දන්නා අයෙකු ලිංගික හිංසනයට බඳුන්වන්නේ නම් පහත ආයතනයන්ගෙන් උපකාර පැතිය හැකි ය.
 

* කාන්තා කටයුතු පිළිබඳ (නීතිමය, මනෝ සමාජයීය, ආරක්ෂණ, වෛද්‍ය උපදෙස්, සහ උපකාර) දැනුම් දීමට ක්ෂණික ඇමතුම් අංකය - 1939

* Women in Need (කාන්තා පිහිට) ආයතනය - අංක 25, ටිකල් පාර, කොළඹ 08. දු.ක.: 0112671411

* ළඟම පිහිටි රෝහලේ බාහිර රෝගී අංශය සහ මිතුරු පියස

* පොලිස් ස්ථානයන්හි පිහිටි ළමා හා කාන්තා කාර්යාංශය

* ශ්‍රී ලංකා පවුල් සැලසුම් සංගමය - අංක 37/27 බුලර්ස් පටුමඟ, කොළඹ 07. දු.ක.: 0112555455

* නොමිලයේ නීති උපදෙස් සහ ආධාර ලබා ගැනීමට ශ්‍රී ලංකා නීති ආධාර කොමිෂන් සභාව - අංක 129, අලුත්කඩේ වීදිය, කොළඹ 12. දු.ක.: 0115 335 329/ 0115 335 281(මෙහි දිස්ත්‍රික් මට්ටමින් පිහිටි කාර්යයාල 77ක් ඇත)


(මුලාශ්‍රය -newswave.lk සහ BBC සිංහල සේවය )
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්