ශ්‍රී ලාංකේය කලාකරුවන්ගේ වෘත්තීය සංවර්ධනය, නිර්මාණ ආරක්ෂාව වෙනුවෙන් ගෙන එනු ලබන නව නීති කෙටුම්පත සඳහා කලාකරුවන්ගේ හා

සංස්කෘතික අදහස් හා යෝජනා ලබාගැනීමට 2020 ජනවාරි මස 20 දින දක්වා කල් ලබාදීමට අධිකරණ අමාත්‍යාංශය තීරණය කර ඇත. 

ශ්‍රී ලාංකේය කලාකරුවන්ගේ වෘත්තීය සංවර්ධනය, සංස්කෘතික ආරක්ෂාව සහ වෘත්තීය සුභ සාධනය ඉලක්ක කරගත් සමස්ථ ශ්‍රී ලාංකීය කලාකරුවන්, කලා ශිල්ප සහ නිර්මාණ හිමිකම් ආරක්ෂා කිරීම උදෙසා අධීකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය, ජනාධීපති නීතිඥ, ආචාර්ය, විජයදාස රාජපක්ෂ ගේ අදහසක් අනුව ගෙන එනු ලබන නව පාර්ලිමේන්තු නීති කෙටුම්පත සඳහා කලාකරුවන්ගේ අදහස් හා යෝජනා ලබාගැනීම 2024 ජනවාරි මස 20 දින දක්වා දීර්ඝ කර ඇති බව අධිකරණ අමාත්‍යාංශය පවසයි.

දිවයිනේ කලා ක්ෂේත්‍රයන්හි වෘත්තීය හිමිකම්, නිර්මාණ අයිතීන් සහ නිර්මාණ සුරක්ෂිතතාවයත් පිළීබඳව ඇතිවී තිබෙන ප්‍රායෝගික ගැටළු හදුනාගෙන කලාකරුවන් සහ කලා නිර්මාණ වල අයිතීන් සුරක්ෂීත කිරීම සඳහා බලපවත්වනු ලබන ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් සම්මුතීවල උපමානයන් ඇසුරු කරගන දේශීය කලාකරුවන්ගේ නිර්මාණ සහ වෘත්තීමය අයිතීන් සුරක්ෂිත කිරීම සහ ජාත්‍යන්තර  හා දේශිය වශයෙන් පිළිගත් පොදු වැඩපිළිවෙලක  අවශ්‍යතාවය පිළිබදව විවිධ කලා සංවිධානවලින් අධිකරණ අමාත්‍යාංශය වෙත ලැබෙන ඉල්ලීම් සහ අදහස් සැලකිල්ලට ගෙන පොදුවේ කලාකරුවන්ගේ වෘත්තීය අයිතීන් සුරක්ෂීත වන පරිදි පාර්ලිමේන්තු නීති කෙටුම්පතක් ඉදිරිපත් කිරීමට අධිකරණ, අමාත්‍ය විජයදාස රාජපක්ෂ ගේ අවධානය යොමුවී ඇති අතර, ඒ පිළිබදව කලා සංවිධාන වල ප්‍රධාන නියෝජිතයින් සමඟ  විශේෂ සාකච්ඡාවක් පසුගිය 2023.12.07 දින පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පැවැත්විණි.

අදාල සාකච්ඡාවේදී කලාකරුවන් සහ කලා සංවිධාන වල නියෝජිතයින් ඉදිරිපත් කල අදහස් හා යෝජනා සැලකිල්ලට ගෙන දිවයිනේ ප්‍රධාන කලා සංවිධාන නියෝජනය කරන නියෝජිතයින් විසිදෙනෙකු ඇතුළත්වන පරිදි ප්‍රවීණ සංගීතඥ, විශාරද එඩ්වඩ් ජයකොඩි ගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කර ඇති අතර, අදාල කමිටුව සියලු කලාකරුවන්ගේ යෝජනා, අදහස් සැලකිල්ලට ගෙන මූලික වාර්තාවක් 2024 ජනවාරි මස 20 දිනට පෙර අධීකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව අධීකරණ අමාත්‍යාංශය පවසයි.

මෙම පාර්ලිමේන්තු නව පනත් කෙටුම්පත සඳහා දීප ව්‍යාප්ත කලා කේන්ද්‍ර නියෝජනය කරන සංවිධාන වල අදහස් හා යෝජනා ඇත්නම් 2024 ජනවාරි මස 20 දිනට ප්‍රථම මාධ්‍ය උපදේශක (කමිටු ලේකම් - ) අධිකරණ අමාත්‍යාංශය, අංක 19, ශ්‍රී සංඝරාජ මාවත, කොළඹ 10 යන ලිපිනයට හෝ This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමු කරන ලෙස අධිකරණ අමාත්‍යාංශය සියලුම කලා සංවිධානවලින් ඉල්ලයි.  


 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්