විදේශගතව සිටිමින් මෙරට තුළ මත්ද්‍රව්‍ය ජාවාරම සහ පාතාලය මෙහෙයවන ජාවාරම්කරුවන් 30දෙනෙකු අත්අඩංගුවට ගෙන මෙරටට ගෙන ඒම සඳහා විශේෂ වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පැවසීය.


ඩුබායි රාජ්‍යයේ පාතාල සාමාජිකයන් 29 දෙනෙක් සහ ප්‍රංශයේ පාතාල සාමාජිකයක් සම්බන්ධයෙන් තොරතුරු ලැබී ඇති බව කී ඇමතිවරයා, එම පාතාල සාමාජිකයන් මෙරටට ගෙන ඒමට අදාළ රටවල් සමඟ දැනටමත් සාකච්ඡා ආරම්භ කර ඇති බවද සඳහන් කළේය.

 

අදාළ වැඩපිළිවෙලට කවුරු බාධා කළත් ඉදිරි මාස හය තුළ රටතුළ පාතාලය හා කුඩු ජාවාරම සම්පූර්ණයෙන්ම නතර කරන බව අමාත්‍ය ටිරාන් අලස් වැඩිදුරටත් පැවසීය.

 

ඇමතිවරයා එබව කියා සිටියේ, කිරිඳිවැල සතුටු පවුල අධ්‍යාපනික හා වෙළඳ ප්‍රදර්ශන සැණකෙළියේ සමාරම්භක උත්සවයට එක් වෙමිනි.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද සඳහන් කළේය.

" මෙරට පාතාල සාමාජිකයන් වැඩි පිරිසක් සැඟවී සිටින්නේ ඩුබායි රාජ්‍යයේ. ඊට අමතරව ප්‍රංශයේ හා තවත් රටවල් රැසක් සිටින පාතාල සාමාජිකයන් අත්අඩංගුවට ගැනීමට විශේෂ වැඩපිළිවෙලක්‌ අඛණ්ඩව ක්‍රියාත්මක කර තිබෙනවා. මේ වන විට ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා උසාවියෙන් රතුවරෙන්තු පවා ලබාගෙන තිබෙනවා. 

දැනට ඩුබායි රාජ්‍යයේ පාතාල සාමාජිකයන් 29 දෙනෙක් හා ප්‍රංශයේ සැඟවී සිටින එක් පාතාල සාමාජිකයකු සම්බන්ධයෙන් තොරතුරු වාර්තාවී තිබෙනවා. ඔවුන් අත්අඩංගුවට ගෙන මෙරටට ගෙන ඒමට එම රටවල් සමඟ සාකච්ජා සිදු කෙරෙමින් පවතිනවා, නමුත් ඒ රටවල පවතින නීතිමය තත්ත්වයන් සමඟ ඒ කටයුතුවලට යම් කාලයක් වැය වනවා. 

 

යුක්තිය වැඩසටහනට බාධා කරන පිරිස් මෙය නතර කරන බවට විවිධ ප්‍රචාර සිදු කලත් අප කිසිසේත්ම මෙම මෙහයුම නතර කරන්නේ නැහැ. කවුරුන් බාධා කළත් ඉදිරි මාස හය තුළ රටතුළ පාතාලය හා කුඩු ජාවාරම සම්පූර්ණයෙන්ම මැඩපවත්වන ඉලක්කය අප ජයගන්නවා. ඒ තුලින් රටේ විශාල පරිවර්තනයක්‌ සිදුවනු ඇති බව මට විශ්වාසයි. මා මෙම අමාත්‍යධුරයේ කටයුතු කරන තාක් පාතාලය හා මත්ද්‍රව්‍ය  ජාවාරමට එරෙහිව ගතහැකි උපරිම පියවර ගන්නා බවට මම සහතික වනවා."

 

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග, රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මිලාන් ජයතිලක, සුමිත් උඩුකුඹුර, තිස්ස කුට්ටිආරච්චි, කුමාරසිරි රත්නායක, රාජිකා වික්‍රමසිංහ, මංජුලා දිසානායක, මුදිතා ප්‍රසාන්ති ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

TA 261ta 262TA 263


(උපුටා ගැනීම් - ටිරාන් ෆේස්බුක් පිටුවෙන්)


 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්