හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ගේ ආරාධනයක් අනුව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ

නිලධාරි කණ්ඩායමක් අද (26) දහවල් ඔහුගේ නිවෙසට ගොස් ප්‍රකාශයක් සටහන් කර ගෙන ඇත.

හියුමන් ඉමියුනොග්ලොබියුලීන් නැමති ප්‍රතිදේහ බාල ඖෂධය මෙරටට ගෙන්වා රෝගීන් අනාරක්ෂිත කිරීම සම්බන්ධයෙන් පලවී ඇති මාධ්‍ය වාර්තා කිහිපයක් සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරමින් එම ප්‍රකාශය ලබාදී තිබේ.

එහිදී අදාළ සිද්ධියට සම්බන්ධව තමා සතුව තිබූ ලිඛිත සහ අනෙකුත් සාක්ෂි,  විමර්ශනවල පහසුව සඳහා අවශ්‍ය බවට හැඟීගිය හෙයින් මෙලෙස විමර්ශන නිලධාරීන් වෙත ප්‍රකාශයක් ලබාදීමට කටයුතු කළ බව අමාත්‍යවරයා පවසයි.

පැය 3කට අධික කාලයක් ප්‍රකාශ සටහන් කරගෙන ඇති අතර එම අවස්ථාවට අමාත්‍ය රඹුක්වැල්ල වෙනුවෙන් නීතිඥවරු කණ්ඩායමක්ද පෙනී සිටි තිබේ.

මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සඳහන් කරන්නේ, අදාළ සිද්ධිය සම්බන්ධ විමර්ශන වඩාත් විධිමත් කිරීම සඳහා තමන් ස්වේච්ඡාවෙන් ප්‍රකාශයක් ලබාදුන් බවය.  

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම පරීක්ෂණය ආරම්භ කළේ තමා කළ පැමිණිල්ලක් අනුව බවද ඔහු පවසයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත, එම අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශයේ හිටපු අධ්‍යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක ඇතුළු පිරිසක්  රිමාන්ඩ් බන්ධනාගාර ගත කරනු ලැබ සිටිති.

ඇමති ටිරාන් කියපු කතාව :

පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ මහජන ආරක්‍ෂක අමාත්‍ය ටිරාන් අලස් පැවසුයේ, හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල බාල ඖෂධ සිද්ධියට සම්බන්ධ යැයි නිෂ්චිත සාක්‍ෂි ලැබුණොත් අනිවාර්යෙන් අත්අඩංගුවට ගනු ලබන බවයි.

හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල අත්අඩංගුවට නොගැනීම පිළිබඳව ඇති චෝදනාව සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙක් කළ විමසුමේදී අමාත්‍ය ටිරාන් අලස් එබව පැවසීය.

සබැඳි පුවත් :
බාල බේත් ගෙන්වීම: කෙහෙළියත් සී.අයි.ඩියට ! - හිටපු ලේකම් රජයේ සාක්කිකරුවෙක්?
ටිරාන් කියපු අත්අඩංගුවට ගන්න කතාවට කෙහෙළිය උත්තරය බඳී

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්