පුද්ගල ඝාතනයක් සදහා සූදානම්ව සිටි හීනටියන මහේෂ් නැමැති පාතාල නායකයාගේ ගෝලයකු කටුනායකදී, පොලිසිය 'යුක්තිය' මෙහෙයුම යටතේ කළ වැටලීමකදී අත්අඩංගුවට ගත් බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.
කටුනායක පොලිසිය මෙම පුද්ගලයා සමග මිලිමීටර් නවය වර්ගයේ පිස්තෝලයක් සහ ජීව උණ්ඩ රැසක් ද අත්අඩංගුවට ගෙන ඇති බවත් ව්‍යාපාරිකයින් දෙදෙනෙක් ඝාතනය කිරීම සදහා කොන්ත්‍රාත්තුවක් ලැබී තිබුනේ යැයි ඔහු හෙළිකර ඇති බවත් එම අමාත්‍යංශය කියා සිටියි.
පොලිසිය සිදුකල වැඩිදුර ප්‍රශ්න හමුවේ ඔහු හීනටියන මහේෂ්ගේ ගෝලයකු බවටත්, ව්‍යාපාරිකයින් දෙදෙනෙකු ඝාතනය කිරීම සදහා කොන්ත්‍රාත්තුවක් ලැබී තිබුණු බවත් හෙලිදරව් වී ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍යාංශය වැඩිදුරටත් කියා සිටියි.