ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (පොහොට්ටුව) ජනාධිපති ධූර අපේක්ෂකයකු ලෙස ප්‍රකාශයට පත්ව සිටින
ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා, දෙමල හා මුස්ලිම් ජාතික පක්ෂ සමඟ සාකච්ඡා මාලාවක් ආරම්භ කර ඇත.
ඒ සම්බන්ධයෙන් 'ඉරිදා දේශය' පුවත්පත කළ විමසීමකදී ධම්මික පෙරේරා සඳහන් කර ඇත්තේ, තමන් මේ වන විට දෙමළ පක්ෂ දෙකක් සහ එක් මුස්ලිම් පක්ෂයක නායකයන් සමඟ ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති බවයි.
එම සාකච්ඡා සාර්ථක ලෙස හමාර වූ නමුත් ඒ ගැන වැඩිදුරටත් විස්තර සඳහන් කළ නොහැකි බවද ඔහු සඳහන් කර තිබේ.
''අපි එකතු වුණොත් මේ රට සංවර්ධනය කරා ගෙන්න යන්න පුලූවන් ''
මේ අතර කිරිඳිවැල මහා චිද්‍යාලයේ පැවැත්වෙන 'සතුටු පවුල අධ්‍යාපන ප්‍රදර්ශණය හා වෙළඳ සැණකෙළියේ' හයවන දිනය චිවෘත ධම්මික පෙරේරා මන්ත්‍රීවරයා අද (30) පස්වරුවේ පැවසුයේ, ''අපි එකතු වුණොත් මේ රට සංවර්ධනය කරා ගෙන්න යන්න පුලූවන් '' බවයි.
''ඉදිරි 2024 වර්ෂයේදී ඔයගොල්ලන්ට තීරණයක් ගන්න වේව්. රටේ ඉදිරියට මොකද වෙන්නෙ කියල. එතෙන්දි අපි සාම්ප්‍රදායිකව හිතන විදියෙන් එළියට ඇවිත් තීරණයක් ඕන දරුවන්ට ඉන්න හිතන රටක් හදනවද? නැත්නම් දරුවන්ට යන්න හිතන රටක් හදනවද? කියල. අපි එකතු වුණොත් මේ රට සංවර්ධනය කරා ගෙන්න යන්න පුලූවන්'' යැයි ධම්මික පෙරේරා පැවසිය.
''අපේ ලංකාවේ පවුල් ලක්ෂ 57ක් ඉන්නවා’ ඒ පවුල් ටික සතුටින් තියන්න පුලූවන්නම් ලංකාවම අපිට සතුටින් තියන්න පුලූවන්'' යයි ද ඔහු කියා සිටියේය.
එහිදී ඔහු මෙසේද සඳහන් කළේය.
''පවුලක් විදියට කොහොමද සතුටින් ඉන්න ඕන කියල අපිත් දැනගන්න ඕන''
'' අද පවුලක් ඇතුලෙ තියෙන ආදායම අපිට තුන් ගුණයකින් වැඩි කරන්න පුලූවන්නම් අද අපේ රට ඇත්තටම දියුණු රටක්. ගම ඇතුලට අපි සල්ලි ගන්න නම් අපි රැකිරක්ෂා ප්‍රමාණය වැඩි කරන්න ඕන. රැකී රක්ෂා හැදිල ගමට සල්ලි ආවොත් චිතරයි ගම දියුණු කරන්න පුලූවන්. එහෙම රැකී රක්ෂා හොයාගන්න නම් මේ වගේ තාක්ෂණික අධ්‍යාපන ප්‍රදර්ශන ඉවහල් වෙනවා''
පවුලක් සතුටින් තියෙන එක රජයේ වගකීමක් විතරමක්ම නෙවෙයි’ අපිත් දැනගන්න ඕන පවුලක් විදියට කොහොමද සතුටින් ඉන්න ඕන කියල. මම තවමත් ඉගෙන ගන්නවා. මම ඉගෙන ගත්නෙ නැත්නම් මට හෙට දවස කොහොමද වෙන්නෙ කියල දැනගන්න බැහැ. තව අවුරුදු දහයකින් මේ රට කොතනද තියෙන්න ඕන කියල මට දැනගන්න වෙන්නෙ නැහැ මම ඉගෙන ගන්න එක නැවැත්තුවොත්. මම කියන්නේ අපි ඔක්කොම හැමදාම ඉගෙන ගන්න ඕන. එහෙම වුනොත් තමයි රට ඉදිරියට ගෙනියන්න අපිට පුලූවන් වෙන්නේ.
ඉතිහාසයේ අපිට තිබ්ඛෙ ඇදුම් අඳින එකයි, කන එකයි චිතරයි. හැබැයි දැන් ආර්ථීකය ගත්තොත් සෑහෙන්න විශාලයි. වී නිෂ්පාදනය ගත්තොත් අපේ රටේ සම්පුර්ණම ආර්ථීකයෙන් සියයට එකයි. එළවලු වගාව ගත්තොත් අපේ රටේ සම්පුර්ණම ආර්ථීකයෙන් සියයට එකයි. අපේ රටේ කෘෂි කර්මාන්තය කොටස් 17කට ඛෙදන්න පුලූවන්. හැබැයි දැන් කවුරු හරි ඇවිත් කිව්වොත් කෘෂි කර්මාන්තයෙන් රට දියුණු කරන්න පුලූවන් කියල ඒක කරන්න බැහැ. මොකද රජවරු මේ රට පාලනය කරද්දි ඔවුන්ට කෑම සපයන්න තිබුනේ ලක්ෂ හයකට වගේ පොඩි ප්‍රමාණයකට. දැන් එහෙම බැහැ. දැන් ලක්ෂ 220කට අපි කන්න දෙන්න ඕන. ඒකයි මම හැම තිස්සෙම කියන්නේ, ගමකින් කොටසක් අධ්‍යාපනයෙන් උඩටම එන්න ඕන කියල. එහෙම වුනොත් තමයි ගමට සල්ලි ටික එන්නෙ. එහෙම ආවොත් තමයි ගම දියුණු වෙන්නෙ.