වැලිගම ප්‍රදේශයේ වැටලීමක් අතරතුර වෙඩි වැදී මිය ගිය පොලිස් පොලිස් සැරයන්වරයා, උප පොලිස් පරීක්ෂකවරයා වශයෙන් උසස් කර ඇතැයි
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව පැවසීය.
මෙලෙස උසස් කර ඇත්තේ කොළඹ අපරාධ කොට්ඨාශයට අනුයුක්තව රාජකාරී කරමින් සිටි උපුල් චමින්ද කුමාර නමැති සැරියන්වරයාය.
එසේම අදාළ පොලිස් නිලධාරියාට පොලීසිය විසින් රුපියල් ලක්ෂ 15ක මුදලක් පරිත්‍යාග කිරීමට ද තීරණය කර ඇත.
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ, ඊට අමතරව ඔහුට හිමිවිය යුතු සියලු වරප්‍රසාද පොලීසිය මගින් ලබාදීමට අවශ්‍ය පියවර ගන්නා බවය.
ඉකුත් (31) වැලිගම ප්‍රදේශයේ වැටලීමකට ගොස් සිට ඇති අතරතුර මෙම සැරයන්වරයා වෙඩි ප්‍රහාරයට ලක්ව බරපතල තුවාල ලබා මියගොස් තිබුණි.
එම සැරියන්වරයා රාජකාරියේ යෙදී සිටියදී වෙඩි වැදී මිය යාම සැලකිල්ලට ගෙන රාජ්‍ය පරිපාලන චක්‍රලේඛයේ පශ්චාත් උසස්වීම් පදනම් කරගෙන වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින් දෙසැම්බර් මස 31 දින සිට බලපැවැත්වෙන පරිදි ඔහුට උසස් වීම් ප්‍රධානය කර ඇත.
සබැඳි පුවත් :
වැලිගම දී වෙඩි ප්‍රහාරයෙන් මියගිය සාජන්වරයාගේ සිරුරේ තිබූ උණ්ඩ රජයේ රස පරීක්‍ෂක වෙත