වැට් බදු සංශෝධනය නිසා දුරකථන සහ අන්තර්ජාල ගාස්තු 42% කින් වැනි ඉතා විශාල ප්‍රතිශතයකින් වැඩි වන බවට විවිධ මාධ්‍ය මගින් අසත්‍ය
පුවත් පල කර ඇති බවත් සැබවින්ම දුරකථන සහ අන්තර්ජාල ගාස්තු වැඩි වන්නේ 3%කින් බවත් ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
මීට පෙර දුරකථන ගාස්තු සහ අන්තර්ජාල පහසුකම් සඳහා VAT බද්ද 15%ක් පනවා තිබුණු අතර නව VAT බදු යටතේ එය 18%ක් දක්වා වැඩි වී තිබේ.
ඒ අනුව දුරකථන සහ අන්තර්ජාල ගාස්තු වැඩි වූයේ 42%ක් නොව 3%ක් පමණි.
ඒ අනූව ඔබේ මාසික බිල්පත රු. 1000 ක් නම් VAT බදු නිසා ඔබට වැඩිපුර ගෙවීමට සිදු වන්නේ රු. 30 ක් පමණි.
පහත සබැඳිය වෙත පිවිසීමෙන් ඔබටම එය සනාථ කර ගත හැකියි.
https://www.dialog.lk/revision