මෙරට පුවත්පත් කලා ක්‍ෂේත්‍රයේ නොබිඳිය හැකි වාර්තාවක් තබමින් ලංකාදීප පුවත්පතේ තිස්තුන් වසරක් අඛණ්ඩව කර්තෘත්වය හෙබවූ ප්‍රවීණ

පුවත්පත් කලාවේදි සිරි රණසිංහ ගේ ජීවන චරිතය ඇසුරින් නිපදවූ ‘සිරි රණසිංහ රූපාවලෝකන’ වාර්තා චිත්‍රපටය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය සනාතන සභා මණ්ඩපයේ දී 9 වැනිදා අඟහරුවාදා පස්වරු 5.00ට එළිදැක්වේ.

මෙය ක්‍රිෂාන්ත දයානන්ද අධ්‍යක්ෂණයක් වන අතර නිලාන් ද සිල්වාගේ නිෂ්පාදනයකි.

වෘත්තීය පුවත්පත් කලාවේදියකු ලෙස වසර පනහකට අධික කාලයක් කටයුතු කළ සිරි රණසිංහ ඉන් වසර 33ක්ම විජය පුවත්පත් සමාගමේ ප්‍රකාශනයක් වන දිනපතා ලංකාදීප පුවත්පතේ ප්‍රධාන කර්තෘ ධුරය හොබවා ඇත. ඊට අමතරව ඔහු සිරිකත කාන්තා පුවත්පතේ මෙන්ම ඉරිදා ලංකාදීප පුවත්පතේ ද කර්තෘවරයා ලෙස කලක් කටයුතු කළේය.

විජය පුවත්පත් සමාගමේ අධ්‍යක්ෂවරයකු ද වන රණසිංහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පාලක සභාවේ සාමාජිකයකු ලෙස කලක් කටයුතු කළ අතර දැනට කැලණිය විශ්වවිද්‍යාලයේ පාලක සභාවේ සාමාජිකයකු ලෙස ද කටයුතු කරයි.

සබැඳි ලිපියක්
යුග තුනක මාධ්‍ය යාත්‍රිකයා සිරි රණසිංහ - (කුමාරදාස ගිරිබාව)

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image