අත්‍යවශ්‍ය සේවාවක් වන විදුලි බලය සැපයීමට බාධාකරමින් වර්ජනය කළ සේවකයන්ගේ සේවය අත්හිටුවා විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස,
විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර නියෝග කර තිබේ.
අමාත්‍යවරයා විසින් විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයාට ලිපියකින් දැනුම්දී ඇත්තේ, පසුගිය 03, 04 සහ 05 යන දිනවලදී විදුලිබල සේවක වර්ජන ක්‍රියාමාර්ගය හේතුවෙන් ගෙවීම් කවුළු වසා දමමින්, මහජන සේවා සපයන කාර්යාල අඩපණ කිරීම පිළිබඳ මහජන පැමිණිලි ලැබී ඇති බවයි.
එබැවින් පාලනාධිකාරිය නිවාඩු අවලංගු කොට තිබියදී සේවයට වාර්තා නොකර වර්ජනයට සහභාගි වූ සේවකයන් පිළිබඳ විදුලිබල මණ්ඩල සභාපතිවරයාගෙන් තොරතරු ද ලිපිය මගින් ඉල්ලා ඇත.
අමාත්‍යවරයාගේ ලිපියේ පිටපතක් පහත පළවේ.