පාර්ලිමේන්තුවට ගෙන එන ලද ශ්‍රී ලංකාවේ සත්‍යය, සමගිය සහ ප්‍රතිසන්ධානය සඳහා වන කොමිෂන් සභා

පනත් කෙටුම්පතෙහි සැබෑ අරමුණ යුධ අපරාධ විනිශ්චය සභාවක් පිහිටුවීම බව උදය ගම්මන්පිල මන්ත්‍රීවරයා ප්‍රකාශ කරයි.

අධිකරණ ඇමතිවරයා විසින් ඉදිරිපත් කළ යුතු පනත විදේශ ඇමැති ඉදිරිපත් කිරිමෙන් බටහිර බලවතුන්ගේ බලපෑම් මත, විදෙස් ගත දෙමළ බෙදුම්වාදින්ගේ බලපෑම් මත මේ පනත් කෙටුම්පත ගෙන එනවා ද යන සැකය මතු වන බව මන්ත්‍රීවරයා 10 බදාදා පාර්ලිමේන්තුවේ දී කියා සිටියේය.

“අර්ධ අධිකරණමය ආයතනයක් පිහිටු වනවා නම් ඒක කරන්න ඕනි අධිකරණ ඇමතිවරයා. ඇයි මේක විදේශ ඇමතිවරයා ඉදිරිපත් කරන්නේ? බටහිර බලවතුන්ගේ බලපෑම් මත විදෙස් ගත දෙමළ බෙදුම්වාදින්ගේ බලපෑම් මත මේ පනත් කෙටුම්පත ඉදිරිපත් කරන නිසා ද මේක විදේශ ඇමැති ඉදිරිපත් කරන්නේ කියන සාධාරණ සැකය අපට ඇති වෙනවා.”

සමගිය සහ ප්‍රතිසන්ධානය ඇති කිරිම වෙනුවෙන් ගෙන එන පනතක් ලෙස පෙනෙන්ට තිබුන ද මෙම පනත හරහා සිදු කිරිමට යන්නේ යුද අපරාධ විනිශ්චය සභාවක් පිහිටුවීම බවයි උදය ගම්මන්පිල මන්ත්‍රීවරයා පවසන්නේ.

මන්ත්‍රීවරයා පවසන පරිදි මෙය වසර පහලොවක් පුරා ඉටු නොවුණු දෙමළ බෙදුම්වාදින්ගේ සිහින සැබෑ කිරීමකි.

දොං සිමං දෙකක් බෑ

යුද වැදුන එක් පාර්ශවයකට පමණක් දඩුවම් පැමිණ වීම සාධාරණ නොවන බව පෙන්වා දෙන උදය ගම්මන්පිල මන්ත්‍රීවරයා, දෙපාර්ශවයටම එක හා සමානව සලකන්නයි ඉල්ලා සිටි.

“අපට මතකයි 2009 වසරේ කොටි සංවිධානයේ සාමාජිකයින් 17,000ක් එක්කෝ යටත් වුණා. නැතිනම් අත්අඩංගුවට ගත්තා. ඒ අය ත්‍රස්තවාදින් කියලා වෙන රටවල වගේ අපි දඬුවම් කලේ නෑ. ඒ සියළුම දෙනා පුනරුත්ථාපනය කරලා වෘත්තීය පුහුණුව ලබා දීලා තෑගි බෝග සමග නැවත පවුල් වලට භාර දුන්නා. ත්‍රස්තවාදියාට සමාව දීමත් රණවිරුවාට දඬුවම් කිරීමත් සාධාරණ වෙන්නේ කොහොමද? එක්කෝ දෙපැත්තෙන්ම සිදුවුණු වැරදි වලට සමාව දෙන්න ඕනි. නැතිනම් දෙපැත්තෙන්ම සිදුවුණු වැරදි වලට දඬුවම් කරන්න ඕනි. දොං නම් දොං. සිමං නම් සිමං. දොං සිමං දෙකක් බෑ.”

ලෝකය පුරා ඉතුරු වී සිටින කොටි සාමාජිකයන්ගේ මන දොල පිනවීමට ආන්ඩුව කටයුතු කරමින් සිටින බවට චෝදනා කරන මන්ත්‍රීවරයා වත්මන් ආණ්ඩුව කොටි සංවිධානය විසින් පත් කරගත් ආණ්ඩුවක් දැයි ප්‍රශ්න කළේය.

ශ්‍රී ලංකාවේ සත්‍යය, සමගිය සහ ප්‍රතිසන්ධානය සඳහා වන කොමිෂන් සභා පනත විෂ පැලෑටියක් ලෙස හැඳින්වු උදය ගම්මන්පිල මන්ත්‍රීවරයා එය දල්ලෙන්ම කඩා දැමීමට පාර්ලිමේන්තුවේ සිටින මන්ත්‍රිවරුන් 225 දෙනාම එක මිටට එක්විය යුතු යැයි යෝජන කරන ලදි.

  

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්