ජනාධිපති ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් (රාජ්‍ය ආදායම්) එම්.ජේ. ගුණසිරි අද (11) නව සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා ලෙස රාජකාරි කටයුතු ආරම්භ කළේය.

 

ඔහු බදු පරිපාලනය, නවීකරණය ඇතුලු රාජ්‍ය ආදායම් වැඩිකර ගැනීමේ ක්‍රියාවලිය පිළිබඳ ප්‍රායෝගික සහ තාක්ෂණික දැනුම ඇති බදු පිළිබඳ ප්‍රවීණයෙකු ලෙස සැලකේ.  

වසර 1987 සැප්තැම්බර් 14වන දින තක්සේරු කරුවෙකු ලෙස දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ සේවයට බැඳී ඇති ඔහු පියවරෙන් පියවර ඉදිරියට පැමිණ එම දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස් ජනරාල්වරයා ලෙස කටයුතු කරමින් සිටියදී රාජකාරි අවශ්‍යතා මත සුරා බදු දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල්වරයා ලෙස පත්වීම් ලැබ රාජකාරි කොට ඉන් විශ්‍රාම ලබා සිටියේය.

අනතුරුව ඔහු ජනාධිපති කාර්යාලයට එක්විය. එහි සිටින අතර නව ධූරයට පත් ඔහු අද (11) දින සිය රාජකාරි කටයුතු ආරම්භ කළේය. 

මිනුවන්ගොඩ පීල්ලවත් මහා විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනයත්, මිනුවන්ගොඩ නාලන්දා මධ්‍ය මහා විද්‍යාලයෙන් ද්විතීක අධ්‍යාපනයත් ලැබූ එම්.ජේ. ගුණසිරි, කොළඹ විශ්ව විද්‍යාලයෙන් වාණිජවේදී (විශේෂ) උපාධිය දෙවන පෙළ ඉහළ සාමාර්ථය හා මූලික ආර්ථික විද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධියද හිමිකරගෙන ඇති අතර ශ්‍රී ලංකා ගණකාධිකරණ ශිල්පීය ආයතනයේ යාව ජීව සාමාජිකයෙකුද වේ.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව තුළ කටයුතු කරන අතර දී බදු ප්‍රතිසංස්කරණ ඇති කර ගැනීම සම්බන්ධයෙන් දෙස් විදෙස් පුහුණුව ලැබූ ඔහු ඒ පිළිබඳ පුළුල් දැනුමකින් යුතු අයෙකි. 

ඔහු සුරා බදු දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල්වරයා වශයෙන් කටයුතු කළ අවධියේදී එහි ආදායම් ඉහළ නංවා ගැනීම සඳහා හඳුන්වා දුන් නව වැඩපිළිවෙල ගණනාවක් සාර්ථකව ක්‍රියාත්මක කළ නිලධාරියෙකු ලෙස සැලකේ. 


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්