ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිසුරු ධූර 4ක් පුරප්පාඩු වී සෑහෙන කලක් ගත වී ඇතත් මේ දක්වා එම තනතුරු සඳහා සුදුස්සන් පත්කර නොමැත. 


වාර්තා වන ආකාරයට මෙයට මසකට පමණ පෙර විශ්‍රාම ගත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු බුවනෙක අලුවිහාරේ වෙනුවට ශ්‍රේෂ්ඨාධිකරණයට මෙතෙක් විනිසුරුවරයකු පත්කර නොමැත. 

එසේම අභියාචනාධිකරණයේ (ඇපැල් උසාවියේ) විනිසුරුවරුන් වූ ප්‍රශාන්ත සිල්වා, එන්.ඩී. කීර්තිසිංහ සහ නීල් ඉද්දවෙල යන විනිසුරුවරුන් විශ්‍රාම ගැනීමෙන් හටගත් පුරප්පාඩු සඳහා ද විනිසුරුවරුන් පත්කර නොමැත. 

මෙම පත්වීම් සඳහා සුදුසු නම් ජනාධිපතිවරයා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට නිර්දේශ කළ යුතුය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ නිර්දේශ ජනාධිපතිවරයාට ලැබුණු පසු නව පත්වීම් සිදුකිරීම නීතිමය සම්ප්‍රදාය වෙයි.

 

ජනාධිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණය සඳහා පත්කරන ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට නිර්දේශ කරන ලද අභියාචනාධිකරණ සභාපති නිශ්ශංක බන්දුල කරුණාරත්න විනිසුරුවරයාගේ පත්වීම් සම්බන්ධව විධිමත් තීරණයක් නොගැනීම ගැන ව්‍යවස්ථා සභාවට චෝදනා කරමින් මේ සතියේ ජනාධිපතිවරයා විසින් සැර ලිපියක් යොමුකර ඇතැයි රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග කියයි.

 

(deshaya.lk)

සබැඳි පුවත් :
ජනපතිගෙන් ව්‍යවස්ථා සභාවට චෝදනා පත්‍රයක්!


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්