පළාත් පාලන මැතිවරණය පැවැත්වීමටවත් කොන්දක් නැති ආණ්ඩුව මහමැතිවරණ, ජනාධිපතිවරණ ගැන පුරසාරම් දොඩවමින් සිටින බවට විපක්ෂ නායකවරයා චෝදනා කරයි.


ජනාධිපතිවරයා විසින් ජනාධිපතිවරණයක් පවත්වන බවට ආරංචිය පතුරවමින් ජනතාවගේ අදහස් සොයා බලමින් සිටින බව ද ඔහු කියා සිටියි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස එබව කියා සිටියේ, ජනවාරි 17 සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 69 වැනි අදියර යටතේ අනුරාධපුර ශ්‍රී දුටුගැමුණු මහා විද්‍යාලයට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දීමේ වැඩසටහනකට එක්වෙමිනි.

ස්වාධින අපේක්ෂකයන්, යූඇන්පී අපේක්ෂකයන් කවුද කියා ජනාධිපතිට සහ පොහොට්ටුවට පැටලවී ඇති බව කී විපක්ෂ නායකවරයා ජනතාවගේ ප්‍රජාතන්ත්‍රීය අයිතිය සුරකින ඕනෑම මැතිවරණයකට සමගි ජන බලවේගය මෙන්ම ජනතාව ද මුහුණ දීමට සූදානම් බව පැවසීය.

වියට්නාම සුව ඇමති දඟගෙට ලංකාවේ සුව ඇමතිට සැප පුටු

විපක්ෂ නායකවරයා පවසන්නේ ආණ්ඩුවේ ඇමැතිවරු ජනාධිපතිවරයාගේ ආරක්ෂාව යටතේ හොරකම් සිදු කරන බවයි.

විපක්ෂය විසින් ඖෂධ වංචා සිදු කළ හිටපු සෞඛ්‍ය ඇමැතිවරයාට විරුද්ධව විශ්වාසභංගයක් ගෙන ආ අවස්ථාවේ ජනාධිපතිවරයා විසින් පොහොට්ටුවේ 113 යොදවා ගෙන ඔහුව ආරක්ෂා කළත් වියට්නාමයේ කොවිඩ් පරීක්ෂණ කට්ටල ඉහළ මිලකට ලබා ගැනීම තුළ මූල්‍ය අවභාවිතය නිසා ඇ. ඩොලර් ලක්ෂ 22ක හොරකමකට වියට්නාමයේ සෞඛ්‍ය ඇමතිවරයා වසර 18කටත් ඇමැති සමඟ හොරකමේ නිරත ව්‍යාපාරිකයා වසර 29කට හිරේ යැවූ බව සජිත් ප්‍රේමදාස සඳහන් කළේය.

වියට්නාමය වැනි දියුනු වන රටේ පවා හොරකමට දඬුවම් ලබා දෙන විට බංකොලොත් රටේ ජනතාවට විශාල බදු බරක් පටවා මහා පරිමාණයෙන් හොරකම් සහ ජාවාරම් සිදු කරන බවටයි ඔහු චෝදනා කරන්නේ.

රට විනාශ කළ බංකොලොත් කළ හොරු අල්ලා ඔවුන් හොරා කන ලද සම්පත් මෙරට අධ්‍යාපනයට, සෞඛ්‍යයට සහ කෘෂිකර්මාන්තයට යොමු කිරීම සමගි ජන බලවේගයේ මුලික අරමුණ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසීය.

සමගි ජන බලවේගයට කිසිදු අවස්ථාවක ෆයිල් පෙන්වා සංදර්ශන ඉදිරිපත් කිරීමට අවශ්‍ය නොවන බැවින් විපක්ෂයේ සිටම රට බංකොලොත් කළ පුද්ගලයන් කවුද කියා සමගි ජන බලවේගය අධිකරණ හමුවේ අනාවරණය කළ බව විපක්ෂ නායකවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.

suhuru 1

suhuru 2

suhuru 3

suhuru 4


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්