අනුරයාපා - ලන්සා කණ්ඩායමේ මෙහෙයුම යටතේ ක්‍රියාත්මක නව සන්ධානයේ මංගල මහජන රැලිය ලබන 27 වැනිදා ජා ඇල නගර මධ්‍යයේදී පැවැත්වීමට සියල්ල සූදානම් කර ඇත.
නව සන්ධානයේ ගම්පහ දිස්ත්‍රික් නායක අමාත්‍ය නලීන් ප්‍රනාන්දු ගේ ආරාධනයෙන්, එම සන්ධානයේ මෙහෙයුම් නායක හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා, අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත්, පියංකර ජයරත්න සහ නිමල් ලන්සා යන මැති ඇමතිවරුන් ඇතුළු මන්ත්‍රීවරුන් පිරිසක් මේ සදහා එක්වීමට නියමිතව තිබේ.
මීට සමගාමීව නව සන්ධානය එලි දැක්වීමේ කටයුතු මෙම මස අගදී BMICH (බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව) හිදී පැවැත්වීමට නියමිත බවත්, ජාඇල නගරයේදී 27 දා පැවැත්වෙන ජනරැලිය ඒ සඳහා උණුසුමක් ඇතිකරලීමේ අරමුනුන් සංවිධානය කරනු ලබන බවත් එම සන්ධානයේ රාජගිරිය පක්ෂ මූලස්ථානයේ ප්‍රකාශයකු පැවසිය.
මේ දිනවල එම නව සන්ධානය සෙසු පක්ෂ සමග එක්වීමට අදාල නීතිමය කටයුතු සහ නව සන්ධාන ව්‍යවස්ථාවේ කටයුතු සිදුකරමින් තිබෙන බවද එම ප්‍රකාශකයා සඳහන් කළේය.
එම කටයුතු ඉදිරි සති දෙක තුල අවසන් කර ගැනීමෙන් පසු නව සන්ධානය එලි දැකීම සිදුවන අතර ඒ අනුව ඉදිරි කාලය තුල එන ඕනෑම මැතිවරණයකට මුහුණ දීමට නව සන්ධානය කටයුතු සූදානම් බව එම ප්‍රකාශකයා වැඩිදුරටත් කියා සිටියේය.